1364. ඒකාන්තයෙන් කළුවූ මේ පුරුෂතෙම කළුවූ භොජනය අනුභව කරයි. කළුවූ භූමිප්රදේශයෙහි වේ. මාගේ සිතට ප්රිය නොවේ.
1365. ශක්රය, සමින් කළුනම් නොවෙයි. ඇතුළත හර ඇත්තේ බ්රාහ්මණ නම් වේ. යමෙකු කෙරෙහි පාපකර්මයෝ ඇද්ද, හෙතෙම ඒකාන්තයෙන් කෘෂ්ණවේ.
1366. බ්රාහ්මණය, තාගේ සුදුසුවූ මේ යහපත් කීම නිමිති කොට යම් කිසිවක් සිතින් කැමැත්තෙහි නම් එබඳු වරයක් තට දෙමි.
1367. සියලු දේවතාවන්ට අධිපතිවූ ශක්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් විශේෂයෙන් ක්රොධ රහිතවූ විශේෂයෙන් ද්වේෂ රහිතවූ නිර්ලෝභීවූ ස්නෙහ රහිතවූ තමාගේ ප්රවෘත්තිය ප්රාර්ථනා කෙරෙමි. මට මේ සතර වරයන් දෙව,
1368. බ්රාහ්මණය, ක්රෝධයෙහි හෝ ද්වේෂයෙහි හෝ ලාභයෙහි හෝ ස්නේහයෙහි හෝ කිනම් ආදීනවයක් සිහිකරන්නෙහිද, මට ඒ කාරණය විචාරණ ලද්දේ කියව,
1369. නොඉවසීමෙන් උපන්නාවූ මේ ක්රෝධයතෙම පළමු මදව ඉපිද පසුව බොහෝ වේ. නැවත වැඬේ. ඇලෙන්නේය. බොහෝවූ සිත් තැවුල්ද ඇත්තේය. එහෙයින් ක්රෝධය නො කැමැත්තෙමි.
1370. දුෂ්ටයාගේ පළමු ඵරුෂ වචනයවේ. අනතුරුව අතින් ඇල්ලීම වේ. ඉන්පසුව පොරබැදීම වන්නේය. ඊට අනතුරුව දඬු පහර වන්නේය. ඉන්පසු කොපයෙන් ආයුධයෙන් ගසන්නේය. ද්වේෂයතෙම ක්රෝධයෙන් උපදනේය. මෙබඳු ද්වේෂය නොකැමැත්තෙමි.
1371. ගම් පැහැරීමද බලාත්කාරයෙන් ගැණීමද වංචාවෙන් ගැනීමද යන මොහු ලෝභ ධර්මයන් අතුරෙහි දක්නා ලැබෙත්. එහෙයින් ලෝභය නොකැමැත්තෙමි.
1372. ස්නේහයෙන් බැඳුණු බොහෝ මනෝමය ගැටයෝ පවතිත්. ඔව්හු (පුද්ගලයා) දැඩි ලෙස තවති. එබැවින් ස්නේහය රුචි නොකරමි.
1373. බ්රාහ්මණය, තාගේ සුදුසුවූ මේ යහපත් කීම නිමිති කොට යම් කිසිවක් සිතින් කැමැත්තෙහි නම් එබඳු වරයක් තට දෙමි.
1374. සියලු දෙවතාවන්ට අධිපතිවූ ශක්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් වනයෙහි වසන්නාවූ නිතර තනිව වාසය කරන්නාවූ මට අතිශයින් තපසට අන්තරාය කරන්නාවූ ආබාධයෝ නූපදින්නාහුද, එබඳු වරයක් කැමැත්තෙමි.
1375. බ්රාහ්මණය, තාගේ සුදුසුවූ මේ යහපත් කීම නිමිති කොට යම් කිසිවක් සිතින් කැමැත්තෙහි නම් එබඳු වරයක් තට දෙමි.
1376. සියලු භූතයන්ට අධිපතිවූ ශක්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් මා පිණිසවූ කිසිවක්හුගේ සිත හෝ කය හෝ වචනය හෝ කිසිකලෙක්හි අපිරිසිදු බවකට නොපැමිණෙන්නේ නම් ශක්රය, මෙබඳුවූ වරයක් කැමැතිවන්නෙමි.
2. කණ්හජාතකං.