135. “චක්‍රවාකය තෝ වනාහි ශරීරවර්ණ ඇත්තෙහිය. විශිෂ්ට රූ ඇත්තෙහිය. ඝනවූ මනාව හටගත් රන්වන් පැහැ ඇත්තේ මනාවූ රූ ඇත්තේ විශේෂයෙන් ප්‍රසන්නවූ මුහුණ හා ඉඳුරන් ඇත්තේ වෙහිය.
එහෙයින් ගං ඉවුරුවල හුන්නේ පෙටි මස්ද, ලුල් මස්ද, ලේල්මස්ද, යන මෙසේවූ භොජනය අනුභව කෙරෙහිද,
137. “යහළුව, මම මේ භොජනය හෝ දිය සෙවෙල් යන මෙයින් අන්‍යවූ ජංගල දෙශයෙහිවූ මාංශයන් හෝ අනුභව නොකරමි. දියෙහි මස් හෝ අනුභව නොකරමි. මේ සෙවෙල් දිය පරඬලා දෙක මාගේ භොජනයයි.
138. “මම මේ සෙවෙල් දිය පරඬලා යන දෙක සක්වා ලිහිණියාගේ භොජනයයි නොම හදහමි. යහළුව මම වනාහි ගමෙහි ලුණුවලින්ද, තෙල්වලින්ද යුක්තවූ මිනිසුන් අතරෙහි කරණලද පවිත්‍රවූ මසින් යුක්තවූ භොජනය අඩුනැතිව කෙරෙමි.
එතකුදු වුවත් සක්වාලිහිණිය, තට මෙන් මට එබඳු වූ ශරීරවර්ණයෙක් නම් නොමැත.
140. “තමා කෙරෙහි වෛර සිත බලන්නේ මනුෂ්‍ය ප්‍රජාව පෙළන්නේ හටගත් චිත්තොත්‍රස ඇත්තේ, බියපත්වූයේ අනුභව කරන්නෙහිය. එහෙයින් තාගේ ශරීර වර්ණය මෙබඳුවේ.
141. “කව්ඩුව, තෝ වනාහි පාප කර්මයෙන් සියලු ලොවට විරුද්ධ වෙහිය. තා විසින් ලබනලද ආහාරය තා නොපිනවයි. එහෙයින් තාගේ ශරීර වර්ණය මෙබඳුවේ.
142. “යහළුව, මමද සියලු සතුන්ට හිංසා නොකරන්නේ මද උත්සාහ ඇත්තේ, සැකයක් නැත්තේ, ශොක නැත්තේ කොයිනුත් බියක් නැත්තෙම් අනුභව කරමි.
143. “හේ තෝ උත්සාහ කරව, ස්වකීය දුශ්ශීල භාවය ඉක්මවා පවතුව, එකල්හි අවිහිංසාවෙන් යුක්තව ලෝකයෙහිම හැසිරෙන්නෙහි මා මෙන් ලොවට ප්‍රියයෙක් වන්නෙහිය.
144. “යමෙක්තෙම අනුන් නොනසාද, විනාශයක් නොකෙරේද, ධන හානියක් නොකෙරේද, ධන හානියක් අනුන්ලවා නොකරවාද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කොටස් ඇත්තේද, ඕහට කිසිවෙකු හාද වෛරයක් නැත්තේය.
චක්කවාකජාතකං තෙරසමං.
145. “බොහෝ ප්‍රඥා ඇත්ත, නුඹ මාළු නැත්තාවූ යව සාලේ බත අනුභව කෙරෙහිද, එසේ වූ විපතට පැමිණියාවූ නුඹ එබඳු ශ්‍රී තොමෝද ධෛර්‍ය්‍යයද ස්මෘතියද රක්ෂා නොකෙරේ. එහෙයින් එය සැබෑවිල.
146. “මම දුකින් පුරාතන සැපය වඩන්නෙම් කාලය හා අකාලය සොයන්නෙම් මාගේ කැමැත්තෙන් සැඟවුනේ අභිවෘද්ධියට ද්වාරයන් විවෘත කරන්නේ වෙම්ද, ඒ කාරණයෙන් යවසාලේ බතින් සතුටුවෙමි.
147. “උත්සාහ කිරීමට කාලය දැන නුවණින් අර්ථය වඩා සිංහ විජාම්භනයෙන් විජාම්භනය කෙරෙමි. නැවතද ඒ සමෘද්ධියෙන් යුක්තවූ මා දක්නෙහිය.
148. “සුවපත්වූ සමහරු වනාහී පව් නොකෙරෙත්. නැවත අපකීර්තිය හා එක්වන භයින් පව් නොකෙරෙත්. නුඹවනාහි ප්‍රබලවූයේම බොහෝවූ කරුණු සිතන්නේ මට කවර කරුණකින් දුකක් නොකෙරෙහිද,
149. “පණ්ඩිතයෝ තමහට සුව සඳහා පව්කම් නොකෙරෙත්. කායික චෛතසික දුකින් පෙළුනාවූ විපතට පැමිණියාහුද, ඡන්දයෙන් ද ද්වේෂයෙන්ද ධර්මය අත්නොහරිත්.”
150. “මොළොක්වූද, දරුණුවූද, යම්කිසි කාරණයකින් බැගෑවූ තමා නගාසිටුවන්නේය. එසේ සිට පසුව සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය.
151. “යම් ගසක්හුගේ සෙවෙනෙහි හුන්නේ වීනම් හෝ ශයනය කෙළේනම් හෝ ඒ වෘක්ෂයාගේ ශාඛාවක් නොබිඳින්නේය. කුමක් හෙයින්දයත්, බිඳුනේවී නම් ඒ පවිටුතෙම මිත්‍රද්‍රෝහියාමවේ.
152. “මනුෂ්‍යතෙම යමෙකුගේ වනාහි ධර්මය දන්නේද, යම් සත්පුරුෂ කෙනෙක් මොහුගේ සැකය දුරුකෙරෙද්ද, එයම මොහුට පිහිටදවේ. පිළිසරණදවේ. එහෙයින් ඒ ගුරුවරයා සමග මිත්‍ර බව නුවණැත්තේ නොදිරවන්නේය.