145. “බොහෝ ප්‍රඥා ඇත්ත, නුඹ මාළු නැත්තාවූ යව සාලේ බත අනුභව කෙරෙහිද, එසේ වූ විපතට පැමිණියාවූ නුඹ එබඳු ශ්‍රී තොමෝද ධෛර්‍ය්‍යයද ස්මෘතියද රක්ෂා නොකෙරේ. එහෙයින් එය සැබෑවිල.
146. “මම දුකින් පුරාතන සැපය වඩන්නෙම් කාලය හා අකාලය සොයන්නෙම් මාගේ කැමැත්තෙන් සැඟවුනේ අභිවෘද්ධියට ද්වාරයන් විවෘත කරන්නේ වෙම්ද, ඒ කාරණයෙන් යවසාලේ බතින් සතුටුවෙමි.
147. “උත්සාහ කිරීමට කාලය දැන නුවණින් අර්ථය වඩා සිංහ විජාම්භනයෙන් විජාම්භනය කෙරෙමි. නැවතද ඒ සමෘද්ධියෙන් යුක්තවූ මා දක්නෙහිය.
148. “සුවපත්වූ සමහරු වනාහී පව් නොකෙරෙත්. නැවත අපකීර්තිය හා එක්වන භයින් පව් නොකෙරෙත්. නුඹවනාහි ප්රබලවූයේම බොහෝවූ කරුණු සිතන්නේ මට කවර කරුණකින් දුකක් නොකෙරෙහිද,
149. “පණ්ඩිතයෝ තමහට සුව සඳහා පව්කම් නොකෙරෙත්. කායික චෛතසික දුකින් පෙළුනාවූ විපතට පැමිණියාහුද, ඡන්දයෙන් ද ද්වේෂයෙන්ද ධර්මය අත්නොහරිත්.”
150. “මොළොක්වූද, දරුණුවූද, යම්කිසි කාරණයකින් බැගෑවූ තමා නගාසිටුවන්නේය. එසේ සිට පසුව සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය.
151. “යම් ගසක්හුගේ සෙවෙනෙහි හුන්නේ වීනම් හෝ ශයනය කෙළේනම් හෝ ඒ වෘක්ෂයාගේ ශාඛාවක් නොබිඳින්නේය. කුමක් හෙයින්දයත්, බිඳුනේවී නම් ඒ පවිටුතෙම මිත්රද්රෝහියාමවේ.
152. “මනුෂ්‍යතෙම යමෙකුගේ වනාහි ධර්මය දන්නේද, යම් සත්පුරුෂ කෙනෙක් මොහුගේ සැකය දුරුකෙරෙද්ද, එයම මොහුට පිහිටදවේ. පිළිසරණදවේ. එහෙයින් ඒ ගුරුවරයා සමග මිත්‍ර බව නුවණැත්තේ නොදිරවන්නේය.
153. “ගෘහස්ථතෙම කම් සැප අනුභවකරන්නේ අලසවීනම් යහපත් නොවේ. පැවිදිතෙම සංයම නැත්තේනම් යහපත් නොවේ. රජතෙම පරීක්ෂාකාරි නොවේ නම් යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙනසුළු වී නම් හෙතෙම යහපත් නොවේ.
154. “ක්ෂත්රියතෙම කරුණු විමසා කරන්නේය. රජ තෙම නොවිමසා නොකරන්නේය. කුමක්හෙයින්දයත්, රාජය, විමසා කටයුතු කරන්නහුගේ යශසද, කීර්තියද වැඬේ.
භූරිපඤ්ඤජාතකං චුද්දසමං.
155. “මනුෂ්‍යතෙම මංගල ප්‍රාර්ථනා කාලයෙහි කුමක් නම් ජපකරන්නේ කවර නම් වේදයක් හෝ ශ්‍රැතයන් අතුරෙන් කවරක් හෝ හදාරා ඒ මංගලාර්ථ පුරුෂතෙම මේ ලෙව්හිද, පරලෙව්හිද, කෙසේ කරන්නේ මංගලයෙන් රක්නාලද්දෙක් වන්නේද,
156. “සියලු දෙවියෝද, බ්‍රහ්මයෝද, සියලු දීර්ඝ ජාතීහුද, සියලු සත්වයෝද, යන මොහු යමක්හුගේ මෛත්‍රී සිතින් පුදන ලද්දාහු වෙද්ද, එය සියලු භූතයන් කෙරෙහි මිනිසුන්ට මංගල නම් වෙයි කියත්.
157. “යමෙක් සියලු ලෝකයහට යටත් පැවතුම් ඇත්තේ බාලයන් සහිතවූ ස්ත්‍රී පුරුෂයන්ගේ නපුරුකොට කියනලද වචනයන් ඉවසන්නේද, නොපිළිකුල් වචන ඇත්තේද? ඒ ඉවසීම පුරුෂයා හට නිරපරාධවූ මංගලයයි කියත්.
158. “යමෙක් තෙම යහළු මිත්‍රයන් කෙරෙහිද ශිල්පයෙන් හෝ කුලවත් බැවින් හෝ වස්තුවෙන් හෝ ජාතියෙන් හෝ අවමන් නොකෙරේද? යහපත් ප්‍රඥා ඇත්තේ වැඩට සුදුසු කාලයෙහි ස්මෘති ඇත්තේ වේද, යහළුවන් කෙරෙහි ඒ නින්දා නොකිරීම ඕහට මංගලයයි කියත්.
159. “නොරැවටීම් ඇති යමෙක්හට සත්පුරුෂයෝ ඒකාන්තයෙන් මිත්‍ර වෙද්ද, ඉතාම විශ්වාස වෙද්ද, එසේම මිත්‍ර ද්‍රෝහී නොවේද, වස්තුවෙන් බෙදීම ඇති ඔහුට මිත්‍රයන් අතුරෙහි ලැබිය යුතුවූ ඒ විශ්වාසය මංගලයයි කියත්.
160. “යමෙක්හුගේ භාර්යාව සමවූ වයස් ඇත්තීද, සමගි වූවාද, අනුව පවත්නීද, සුචරිත ධර්මයන් කැමැත්තීද, දරුවන් ඇත්තීද, කුලවත්වීද, පතීව්‍රතා ඇත්තීද, එබඳු අඹුවන් කෙරෙහි ඒ සුවපත් භාවයයි කියත්.