88. “යහපත්වූ වචනයක්ම කියන්නේය ලාමකවූ තෙපුලක් නොකියන්නේය. යහපත් වචනයාගේ මෝක්ෂය හෙවත් බිණීම ප්‍රශස්තය. ලාමකවූ තෙපුල මුදා හෙවත් කියා මෙලොව පරලොව තැවෙන්නේ යයි” වදාළේය.
8. සාරම්භ ජාතකය.
89. “මෘදුවූ බස් කියන්නාවූ තොපගේ වචනයම සිළුටුවී තණ ගසක් පමණෙක කුකුස් කරමින් ඇළුනෙහිය. නිෂ්ක (කලං 25 ක රන්) සියයක් ගෙණයන්නෙහි නොඇළුනෙහිද වීයයි” කීයේය.
9. කුහක ජාතකය.
90. “යමෙක් පෙර අනුන් විසින් කරණලද උපකාර ඇත්තේ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ එය නොදනීද, පසුව කටයුත්තක් පැමිණිකල්හි එයට කිසිවක්හු නොලබායයි” කීයේය.
10. අකතඤ්ඤු ජාතකය.
අපායිම්හ වර්ගය නවවැනියි.
එහි උද්දානය:
අපායිම්හ ද, දූභක සත්තපද ද, ඡළද්වාර ද, ආයතින ද, අහිසීලව ද, මඞ්ගලි ද, පාපික ද, සතනික්ඛ ද, කතත්ථ ද යන මෙයින් දසයෙකි.
10. ලිත්ත වර්ගය
91. “උතුම්වූ තේජස් ඇති විෂ තැවරුණාවූ පස ඇටය ගිලින්නාවූ පුරුෂතෙම විෂ තැවරූ බව නොදනී. කොල ගිලව, පාපීවූ අක්ෂධූර්තය පස ඇටය ගිලව. පසුව තට මෙහි නොමිහිරි බව වන්නේ යයි” කීයේය.
1. ලිත්ත ජාතකය.
92. “යුද්ධය ලංව ඇතිකල්හි ශූරවූ පුරුෂයා කැමතිවෙති. මන්ත්‍රණය කරණ කල්හි කළ මන්ත්‍රණය ප්‍රකාශ නොකරණ හෙයින් අකුතුහල පුරුෂයා කැමතිවෙති. ආහාරපාන එළවූකල්හි හෝ ප්රියවූවහුද කැමති වෙති. ප්‍රශ්න විසර්ජනාදීවූ අර්ථයක් උපන් කල්හි පණ්ඩිතයා කැමතිවෙත් යයි” කීයේය.
2. මහාසාර ජාතකය.
93. “පෙර විශ්වාසව පසුව අවිශ්වාසවූවහු කෙරෙහි විශ්වාස නොකරන්නේය. පෙර අවිශ්වාසව පසුව විශ්වාසවූවහු කෙරෙහිද, විශ්වාස නොකරන්නේය. කුමක්හෙයින්ද යත්? ඒ දෙදෙනා කෙරෙහිම විශ්වාසය හේතුකොටගෙණ භය පැමිණේ. කුමක් මෙන්ද යත් මීවින්න කෙරෙන් භය පැමිණි සිංහයාමෙනි. (නොහොත්) විශ්වාස වශයෙන් සිංහයා කරා පැමිණි මීවින්න මෙනැයි’ කීයේය.
3. විශ්වාසභොජන ජාතකය.
94. “සූර්යතාපයෙන් විශේෂයෙන් තැවුනෙම්, හිම ජලයෙන් විශේෂයෙන් ශීතල වූයෙමි. භයානකවූ වනලැහැබ්හි හුදකළාවූයෙම්, නිර්වස්ත්රවූයෙම් ගිනි ලංව නොහිඳිනෙම්, බඹසර සෙවීමෙහි යෙදුනෙමි, මුනි නම් වී මියි” කීයේය.
4. ලෝමහංස ජාතකය.
95. “සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නස්නා ස්වභාව ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඒ සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමයයි කියන ලද නිර්වාණයම සැපයයි” වදාළේය.
5. මහාසුදස්සන ජාතකය.