150. “යමෙක් අසත්පුරුෂයාට උපකාර කෙරේද, අසත්පුරුෂයා සෙවනය හෝ කෙරේද, ඔහුම ආහාරය කරන්නේය. කුමක් මෙන්ද, යත්, ව්‍යාඝ්‍ර සඤ්ජීවක දෙදෙනා මෙනියි” කීයේය.
10. සඤ්ජීව ජාතකය
පසළොස්වන කකණ්ටක වර්ගය නිමි.
එහි උද්දානය:
සුඛමෙධති, දණ්ඩවර, ලසි, වාලධි, පස්වන රාධවර, සමභොදධි, කත්තික, ඛොන්දි, චතුරඞ්ගුල හා ව්යග්ඝවර යන මේ දසයයි.
උපරිම පණ්ණාසකයයි.
එකක නිපාතය නිමි.
එහි වර්ග උද්දානය:
අපණ්ණක, සීලවග්ග, කුරුඞ්ග, කුලාවක, පස්වන අත්ථකාම, ආසිංස, ඉත්ථි, වරුණ, අපායි, ලිත්තවග්ග, පරොසත, හංසි, සරික්ඛ, අසම්පදාන සහ කකණ්ටක වර්ගයයි.
2. දුක නිපාතය
1. දළ්හ වර්ගය
1. මල්ලික නම් රජ දැඩි තැනැත්තාට දැඩිපහරවල් දෙයි. මෘදුවූ පුද්ගලයා මෘදු බැවින් දිනයි. සත්පුරුෂයාද සත්පුරුෂ බැවින් දිනයි. අසත් පුරුෂයාද අසත් පුරුෂ බැවින් දිනයි. මේ රජතෙම මෙබඳු ගුණ ඇත්තේවෙයි. එබැවින් රථාචාර්යයා මාර්ගයෙන් පහවෙවයි” කීයේය. (මල්ලිකා නම් රජහුගේ රථාචාර්යයා බරණැස් රජහුගේ රථාචාර්යයාට මෙසේ කීය.)
2. “ක්‍රොධ ඇත්තහු ක්‍රොධ නොකිරීමෙන් දිනන්නේය. අයහපත් පුද්ගලයා යහපත් බැවින් දිනන්නේය. තද මසුරා දීමෙන් දිනන්නේය. බොරු කියන්නහු සත්‍ය වචනයෙන් දිනන්නේය. මේ රජතෙම මෙබඳු ගුණ ඇත්තේවෙයි. එබැවින් සාරථිය මාර්ගයෙන් පහ වෙවයි.” කීයේය.
1. රාජොවාද ජාතකය.
3. “මනාකොට පරීක්ෂා නොකොට කරණලද කර්මාන්ත ඇති සිතූ කටයුත්තෙහි නොවිචාරා වහා පටන් ගන්නා තැනැත්තහු මුඛයෙහි තබන ලද උෂ්ණ භෝජනයක් මෙන් ඒ ස්වකීය කර්මාන්තයෝ තවත්.
4. “සිංහ තෙමේද සිංහ නාදයෙන් රිදී පර්වතය ඒකනාද කෙළේය. සිවල්තෙම පළිඟු මිශ්‍රවූ රිදී පර්වතයෙහි වසන්නේ සිංහයාගේ නාදය අසා බියපත් වූයේ තැතිගැන්මට පැමිණියේය. ඔහුගේ හෘදයද පැළුනේයයි කීයේය.”
2. සිඟාල ජාතකය.
5. “යහළුව, මම සිව්පායෙමි. යහළුව නුඹද සිව්පායෙහි, සිංහය, මෙසේ එව. නවතුව, බියපත්වූයේ කුමකට පලා යෙහිද?”
6. “අපවිත්‍රවූ කුණුවූ රෝම ඇත්තේවෙහිය. දුර්ගන්ධය හමන්නෙහිය. ශූකරය ඉඳින් මා හා යුදකරණු කැමැත්තෙහි නම් යහළුව තොපට ජයදෙමියි” කීයේය.
3. ශූකර ජාතකය.
7. “පිහිටක් කැමැත්තාවූ සර්පරාජතෙම ගල්සේ වර්ණයෙන් මේ වල්කලාවට ප්‍රවිෂ්ට වූයේය. ශ්‍රේෂ්ඨවූ වර්ණයද පුදන්නෙම් කනු කැමැත්තෙමුදු කන්ට නොපොහොසත් වෙමි.