3. 4. 7.
7. ධම්මානුධම්ම සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, ධර්මයට පිළිපන් මහණහුගේ මේ සුදුසු ස්වභාවය වේ. කියන කල්හි යම් අනුධර්මයකින් කියන්නේ (දශ කථාවස්තු) ධර්මයම කියයි (එයට විරුද්ධ බොහෝදේට ආශාවීමාදී) අධර්මය නොකියයි. කල්පනා කරනු ලබන්නේ හෝ ධර්මයෙන් වෙන් නොවූ විතර්කයක්ම කල්පනා කෙරෙයි. (කාම විතර්කාදී) අධර්ම කල්පනාවක් කල්පනා නොකරයි. නොකොට උදාසීනව සිහි ඇත්තෙක්ව සම්යක් ප්රඥාව ඇත්තෙක්ව වෙසේ යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඒ ධර්මයම මතුමත්තෙහි භාවනා වශයෙන් සිහි කරන්නාවූ ඇලුම්කොට ඇත්තාවූ (එසේම ඒ) ධර්මයෙහි ඇලුනාවූ ධර්මය සිතන්නාවූ සිහිකරන්නාවූ මහණ තෙමේ බොධිපාක්ෂික දහමින්ද නවලොවුතුරා දහමින්ද නොපිරිහෙයි.
“පිඩුසිඟීම් වශයෙන්ද සක්මන් කිරීම් වශයෙන්ද හැසිරෙන්නේ හෝ සිටින්නේ හෝ හිඳින්නේ හෝ හොවින්නේ හෝ තමාගේ සිත සංසිඳුවන්නේ නිවණටම පැමිණේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළසේක. යයි මා විසින් අසන ලදී.
3. 4. 8.
8. අන්ධකරණ සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීම කරන්නාවූ ප්රඥා නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ නිර්වාණයට නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුනෙක්දයත්?
මහණෙනි, කාම ප්රතිසංයුක්ත විතර්කය ඇඳිරිය කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්රඥාව නිරුද්ධ කරන්නේය. දුක් නම් පීඩා පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. මහණෙනි, ක්රෝධය පිළිබඳ කල්පනාව අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය, නොදැනීම කරන්නේය. ප්රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. මහණෙනි, විහිංසා විතර්කය (වෙහෙසකිරීම පිළිබඳ කල්පනාව) අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය.
අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීමකරන්නාවූ ප්රඥාව නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නාවූ මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙත්.
“මහණෙනි, අන්ධ නොකරන්නාවූ නුවණ ඇස ඇති කරන්නාවූ දැනීම කරන්නාවූ ප්රඥාවගේ වැඩීම කරන්නාවූ දුක් පක්ෂයෙහි නොපවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුන් විතර්කයෝද යත්?
මහණෙනි, නිවන් පිළිබඳ කල්පනාව අන්ධ නොකරන්නේය. නුවණැස ඇති කරන්නේය. දැනීම් කරන්නේය. ප්රඥාවෘද්ධිය කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවණ පිණිස පවත්නේය. “මහණෙනි, මෛත්රිය පිළිබඳ කල්පනාම ඇඳිරිය නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි නොපවත්නේය. නිවන් පිණිස පවත්නේය. “මහණෙනි, කරුණාව පිළිබඳ කල්පනා අඳුරු නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවන් පිණිස පවත්නේය.
මහණෙනි, මේ තුන් කුශල විතර්කයෝ වනාහි අන්ධ නොකරන්නාහුය. නුවණැස ඇතිකරන්නාහුය. දැනීම කරන්නාහුය. ප්රඥාවෘද්ධිය කරන්නාහුය. දුක් පක්ෂයෙහි පවත්නාහුය නිවන් පිණිස පවත්නාහුයයි.”