2. 2. 4.
4. අරියපඤ්ඤා සූත්රය
41. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, යම් සත්ව කෙනෙක් ආර්ය ප්රඥාවෙන් පිරිහුනෝ නම් ඒ සත්වයෝ අතිශයින් පිරිහුනෝ වෙති. ඒ සත්වයෝ මේ ආත්මයෙහිම පීඩා සහිතව දැඩි ආයාස සහිතව හාත්පස දාහ සහිතව දුකසේ වෙසෙති. තමාගේයයි සිතාගත් ස්කන්ධයන්ගේ භෙදයෙන් මරණින් මත්තෙහි දුගතියක් කැමති විය යුත්තීය. “මහණෙනි, යම් සත්වකෙනෙක් ආර්ය ප්රඥාවෙන් නොපිරිහුනෝ වෙද්ද, ඒ ස්කන්දයෝ මේ අත්බවෙහිම පීඩානැතිව දැඩි ආයාස නැතිව හාත්පස දැවිලි නැතිව සුවසේ වෙසෙති. ශරීරයාගේ භෙදයෙන් චුති චිත්තයන් මත්තෙහි සුගතියක් කැමති විය යුත්තීයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි ගාථාවෙන් මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “පිරිහීමෙන් නාමරූප දෙක්හි උපාදානස්කන්ධය පසෙහි පිහිටියාවූ දෙවියන් සහිත ලෝවැස්සා බලව, මෙයම සත්යය හඟී.
3. “සංස්කාර ලෝකයෙහි යම් ප්රඥාවක් තොමෝ පළමින් යන සුලුවේද, යම් ප්රඥාවකින් ඉපදීම හා භවයද ක්ෂය කරන්නාවූ නිවන මනාව දැන ගනීද, ඒ මාර්ග ප්රඥා තොමෝ ශ්රේෂ්ඨ වන්නීමය.
4. “දෙවියෝද මිනිස්සුද මනාව අවබෝධකළාවූ සිහි ඇත්තාවූ සන්තොෂප්රමෝද්ය බහුල ප්රඥාව ඇත්තාවූ (නොහොත්) විපුලභාවයට පැමිණි හාස ප්රඥාව ඇත්තාවූ අන්තිම ශරීරය දරණ ක්ෂීණාශ්රවයන්ට ප්රියවෙත්. (ඒ රහත් බව ලබන්නට කැමැති වෙත්.) යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 5.
5. සුක්කධම්ම සූත්රය
42. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙනෙක් සත්ව ලෝකය රකිත්. කවර දෙදෙනෙක්ද යත්? පවට ලජ්ජාවද පවට භයද (යන දෙකය.) “මහණෙනි, මේ කුසල් දහම් දෙක මේ ලොව නොරක්නාහු නම් මේ සත්ව ලෝකයෙහි මවයයි කියා හෝ කුඩා මව යයි කියා හෝ නැන්දනියයි කියා හෝ ආචාර්යයන්ගේ භාර්යාවයයි කියා හෝ ගරුකටයුත්තන්ගේ බිරියයි කියා හෝ නොපෙණෙන්නේය. එළු තිරෙළුවෝද කුකුළු ඌරෝද බලු සිවල්ලුද යම්සේද ලෝවැස්සා (එපරිද්දෙන්) සංකරයට සීමා භෙදයට හෝ පැමිණෙන්නේය. “මහණෙනි, යම් හේතුවකින් වනාහි මේ අනවද්ය ධර්මයෝ දෙදෙන ලොව රකිද්ද, එහෙයින් මවයයි කියාද කුඩා මවයයි කියාද නැන්දනීයයි කියාද ඇදුරු බිරියයයි කියාද ගරුකටයුත්තන්ගේ අඹුවයයි කියාද, පෙණෙන්නේ යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අරුත මෙසේ කියනු ලැබේ:
2. “යම් සත්වයන්ගේ හිරිඔතප් දෙක හැමදාම නොලැබේද, කුසල් මුලින් ඉවත්වූ ඒ සත්වයෝ ජාති මරණයන්ට පැමිණෙන්නාහුය.
3. “යම් සත්වයන්ගේ වනාහි හැමකල්හි හිරිඔතප් දෙක මනාව එළඹ සිටියාහුද, වැඩුණු ශාසන මාර්ග බ්රහ්මචරිය ඇත්තාහු වෙද්ද, සත්පුරුෂවූ (ඔහු) ක්ෂයවූ නැවත ඉපදීම ඇත්තෝ වෙත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 6.
6. අජාතභූත සූත්රය
43. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, නොඋපන්නාවූ පහළනොවූ නොකරන ලද්දාවූ නිවන ඇත. “මහණෙනි, ඉදින් නොඋපන්නාවූ පහළ නොවූ නොකරන ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ ඒ නිවන නොවීනම් මේලෝකයෙහි උපන් පහළවූ කරන ලද්දාවූ සංස්කරනය කරන ලද්දාවූ ස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණයෙන් නොපෙණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි නොඋපන් පහළ නොවූ නොකරන ලද්දාවූ පිළියෙල නොකරන ලද්දාවූ නිවන විද්යමාන වේද, එහෙයින් උපන්නාවූ පහළවූ කරන ලද්දාවූ සකස් කරන ලද්දාවූ, පඤ්චස්කන්ධයාගේ නිස්සරණය සංසිඳීම පෙණේයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “ජාතං භූතං සමුප්පන්නං, කතං සඞ්ඛතමද්ධුවං
ජරාමරණසඞ්ඝාතං රොගනිඩ්ඩං පභඞ්ගුරං
ආහාරනෙත්තිප්පභවං නාලං තදභිනන්දිතුං.
ජරාමරණසඞ්ඝාතං රොගනිඩ්ඩං පභඞ්ගුරං
ආහාරනෙත්තිප්පභවං නාලං තදභිනන්දිතුං.
3. තස්ස නිස්සරණං සන්තං අතක්කාවචරං ධුවං
අජාතං අසමුප්පන්නං අසොකං විරජං පදං
නිරොධො දුක්ඛධම්මානං සඞ්ඛාරූපසමො සුඛො’ති”.
අජාතං අසමුප්පන්නං අසොකං විරජං පදං
නිරොධො දුක්ඛධම්මානං සඞ්ඛාරූපසමො සුඛො’ති”.
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.