21. ප්රකීර්ණක වර්ගය.
1.(290) ස්වල්ප මාත්රවූ (යන්තම්) සුවය හැරීම හේතුකොටගෙණ, ඉදින් මහත්වූ නිර්වාණ සුවය දක්නේද, එහෙයින් උදාරවූ (නිර්වාණ) සුඛය දක්නා කැමැත්තාවූ ප්රාඥතෙම ඒ ස්වල්පවූ සුඛය හරණේය.
2.(291) පරහට දුක් දීමෙන් තමහට සුව කැමති වේද, ඒ පුද්ගලතෙම වෛර සංසර්ගයෙන් මිශ්රවූයේ වෛරයෙන් නොමිදෙන්නේය.
3.(292) යමක් (මහණුන් විසින්) කටයුතුවූද එය හරන ලදද, නොකළමනා දෙය වනාහි කරනු ලැබේද, උස්වූ මාන නල ඇති පමාවූ ඒ පුද්ගලයන්ට ආශ්රවයෝ වඩනාහුයි.
4.(293) යමකුන් විසින් කායගතාසති භාවනාව (කය ගැන සිහිය වැඩීම) සතතයෙන් මනාකොට වඩනා ලදද, ඔවුහු අකෘත්යය (අවැඩ) නොසෙව්නාහ. කටයුත්තෙහි සතත ක්රියා ඇති, සිහිය ඇති සම්පජානකාරී ඒ පුද්ගලයන්ගේ ආශ්රවයෝ ක්ෂයට යන්නාහ.
5.(294) මවද පියාද ක්ෂත්රිය රජුන් දෙදෙනාද නසා, අනුචරයන් සහිත රටද නසා, බ්රාහ්මණයා (ක්ෂීණාශ්රවයා) නිදුක්ව යන්නේය.
6.(295) මවද පියාද බ්රාහ්මණ රජුන් දෙදෙනාද නසා, විචිකිච්ඡාව පස්වන්න කොට ඇති නීවරණ නසා, බ්රාහ්මණයා (ක්ෂීණාශ්රවයා) නිදුක්ව යන්නේය.
7.(296) යම් කෙනෙකුන් තුළ දවල්ද රාත්රියෙහිද නිතොර බුදුගුණ අරභයා උපදනා සිහිය ඇද්ද, ඒ ගෞතම ශ්රාවකයෝ හැමකල්හිම මැනවින් පිබිදෙන්නාහ.
8.(297) යම් කෙනෙකුන් තුළ දවල්ද රාත්රියෙහිද නිතොර ධර්ම ගුණය අරභයා උපදනා සිහිය ඇද්ද, ඒ ගෞතම ශ්රාවකයෝ හැමකල්හිම මැනවින් පිබිදෙන්නාහ.
9.(298) යම් කෙනෙකුන් තුළ දවල්ද රාත්රියෙහිද නිතොර සංඝ ගුණය අරභයා උපදනා සිහිය ඇද්ද, ඒ ගෞතම ශ්රාවකයෝ හැමකල්හිම මැනවින් පිබිදෙන්නාහ.
10.(299) යම් කෙනෙකුන් තුළ දවල්ද රාත්රියෙහිද නිතොර කය අරභයා උපදනා සිහිය ඇද්ද, ඒ ගෞතම ශ්රාවකයෝ හැමකල්හිම මැනවින් පිබිදෙන්නාහ.
11.(300) යම් කෙනෙකුන්ගේ සිත දවල්ද රාත්රියෙහිද නිතොර අහිංසාවෙහි (කරුණාවෙහි) ඇලුනේද, ඒ ගෞතම ශ්රාවකයෝ හැම කල්හිම මැනවින් පිබිදෙන්නාහ.