11. ජරා වර්ගය
1.(146) නිතොර ඇවිලගෙණ දිලිසෙන කල්හි සිනාවක්, සතුටක්, කවරේද? අඳුරෙන් (අවිද්‍යාන්ධකාරයෙන්) වළඳනා ලද්දාවූ තෙපි මාර්ගඵල ප්‍රඥායයි කියනලද ප්‍රදීපය කුමට නොසොයවූද?
2.(147) යමක (මේ ශරීරයාගේ) නිත්‍යවූ පැවැත්මෙක් නැද්ද, රෝග සමූහයවූ අඹනලද්දාවූ, ගිලන්වූ, බොහෝදෙනා විසින් (සූභය සුඛයයි) කල්පනාකරණ ලද්දාවූ, මේ ශරීරය බල.
3.(148) මේ රූපය ඉතා දිරාගියේය. රෝගයන්ට (නිවාසස්ථාන හෙයින්) කූඩුවක් බඳුයි. වහා නැසෙන සුලුය. මේ කුණුකය නොබෝ කලකින් බිඳෙන්නේය. (කුමක් හෙයින්ද යත්?) යම් හෙයිකින් ජීවිතය මරණයම අන්තකොට ඇත්තේද එහෙයිනි.
4.(149) සරත් කාලයෙහි ඒ ඒ තත්හි දමනලද්දාවූ-ලබුවැනිවූ, කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ ඇට ඇද්ද, ඒ දැක කවර නම් කාමරතියක් වේද?
5.(150) යම් තැනෙක්හි ජරාවද මරණයද (නවවිධ) මානයද ගුණමකු බවද බහන ලදද, මසින් හා ලෙහෙයෙන් ගල්වන ලද නුවරක් ඇට වලින් කර තිබේ.
6.(151) විශේෂයෙන් විසිතුරු කරණ ලද්දාවූ රජුගේ මගුල් රථයෝද දිරීමට පැමිණෙති. නැවත මේ ශරීරයද දිරීමට එළඹෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ ධර්මය වනාහි දිරීමට නොපැමිණෙන්නේය. බුද්ධාදීහු සත්පුරුෂයන් හා සමග ඒකාන්තයෙන් (මෙසේ) කියති.
7.(152) අල්පශ්‍රැතවූ (අසා බලා නොදත්) මේ පුද්ගලතෙමේ ගොනෙකු මෙන් මුහුකරන්නේය. ඒ මහණහුගේ ශරීර මාංශයෝම වැඩෙත්. ඕහට ප්‍රඥාතොම නොවැඩෙයි.
8.(153) නැවත නැවත උත්පත්තිය (යම් හෙයකින්) දුක්ද (එහෙයින්) මේ ආත්මභාව සංඛ්‍යාත ගෙය කරන්නහු සොයන්නාවූ මම නොයෙක් (කෙළ ලක්‍ෂ ගණන්යයි කියනලද) ඉපදීම් ඇති සංසාරයෙහි (ඒ ශුන්‍ය) නොලබන්නෙම් (චුති ප්‍රතිසන්ධි වශයෙන්) දිව ඇවිද්දෙමි.