84. අධොපුප්ඵිය ථේරාපදානය
1518. “සිඛී නම් බුදුරජාණන් වහන්සේගේ අග්රශ්රාවකවූ, මහානුභාව ඇති, ත්රිවිද්යාවෙන් යුත් අභිභූ නම් ඒ භික්ෂුතෙමේ හිමවතට එළඹියේය.
1519. “එකල්හි මම අප්රමාණ ආරම්මණයන්හිද, ඎද්ධීන්හිද වශ යටපත් ඎෂියෙක් වූයේ රමණීය අසපුවක වසමි.
1520. “මම (උන්වහන්සේ විසූ) කඳු පහළින් මල් ගෙන පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්ෂියෙකු මෙන් පර්වතයට නැංගෙමි.
1521. “මල් සතක් ගෙන මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිරවීමි. වීරවූ අභිභූ ශ්රාවකයන් වහන්සේ විසින් ඒ (දෙස) බලන කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1522. අසපුවට පැමිණි මම එය වාසස්ථානය කර ගතිමි. කදක් ගෙන මම පර්වත අභ්යන්තරයට පිවිසියෙමි.
1523. “(එහිදී) ඝොර ස්වරූපවූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළීය. පෙර කළ (ඒ පුෂ්ප පූජා) පුණ්ය කර්මය සිහි කොට (මම) එහිම කළුරිය කෙළෙමි.
1524. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
1525. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධොපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අධොපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
85. රංසි සඤ්ඤක ථේරාපදානය
1526. “මම පෙර හිමවත් පව්වෙහි වාසය කෙළමි. අඳුන් දිවි සම් උතුරු සළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.
1527. “සියක් රැස් ඇති හිරු වැනිවූද, සුපුෂ්පිත සල් රුකක් වැනිවූද, වනගතවූ ස්වර්ණ වර්ණ බුදුරජාණන් වහන්සේ දැක,
1528. “විපස්සී බුදුරජාණන් වහන්සේගේ රශ්මියෙන් සිත පහදවා මම ඇඳිලි බැඳ, උක්කුටිකව හිස නමා වැන්දෙමි.
1529. “මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්ය) කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. රශ්මි සංඥාවෙහි (පැහැදීමේ) මේ විපාකයයි.
1530. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසි සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රංසිසඤ්ඤකත්ථෙරස්සාපදානං පඤ්චමං.
86. දුතිය රංසි සඤ්ඤක ථේරාපදානය
1531. “වැහැරි සිව්රු දරන්නාවූ මම හිමවත් පව්වෙහි සක්මනට නැගුනේ නැගෙණහිර දිගට මුහුණ ලා හුනිමි.
1532. “එකල්හි හිමවත් පව්වෙහි ධ්යානයෙහි ඇළුනාවූ, ඵුස්ස බුදුරජාණන් වහන්සේ දැක ඇඳිලි බැඳගෙන (බුදු) රැස් කරණකොටගෙන සිත පැහැදවීමි.
1533. “මින් දෙයානූවන කපෙහි වූ (බුද්ධ රශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්ධ) රශ්මි සංඥාවෙහි (පැහැද පිදීමේ) මේ විපාකයයි.
1534. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුතිය රංසි සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දුතියරංසිසඤ්ඤකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
87. ඵලදායක ථේරාපදානය
1535. “කුර සහිත අඳුන් දිවිසම් දරන්නාවූ මම පලතුරු ගත් අඅත් ඇත්තේ හිමවත් පව්වෙහිදී ඵුස්ස බුදුරජාණන් වහන්සේ දැක (එම) පලතුරු දුනිමි.
1536. “මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දුනිම්ද, ඒ හේතුවෙන් භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
1537. “මින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පලතුරු දානයාගේ මේ විපාකයයි.
1538. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.