82. ගත සඤ්ඤක ථේරාපදානය
1506. උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම අනගාර්ය්ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි. පැහැදුනු සිතින් (යුතුව) ශාස්තෘන් වහන්සේගේ ශ්රීපාදයන් වැඳීමි.
1507. “මම අනන්ත ගුණ සාගරයක්වූ තිස්ස බුදුරජාණන් වහන්සේ උදෙසා (නගුලෙන් සෑ බිමෙහි) හටගත් නංගලිකී පුෂ්ප සතක් අහසෙහි දැමීමි.
1508. “සතුටු සිත් ඇත්තේ බුදුරජුන් වැඩිය මාර්ගයට සියතින්ම පහන් සිත් ඇත්තේ පුදා එකල්හි ඇඳිලි (බැඳීමද) කෙළෙමි.
1509. “මින් දෙයානූ කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
1510. “මින් අටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, අග්නිසිඛ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1511. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගත සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගතසඤ්ඤකත්ථෙරස්සාපදානං දුතියං.
83. නීපන්නඤ්ජලිය ථේරාපදානය
1512. “මම (රුක්ඛමූලිකාඞ්ගය සමාදන්ව) රුක්මුල්හි හුන්නේ තදින් රෝගීවූයේ, මම මහ වෙනෙහි අතිශය දුක්ඛිත බවට පත්වූයේ වෙමි.
1513. “තිස්ස බුදුරජාණන් වහන්සේ අනුකම්පා උපදවා ඒ මම වැද හොත්තේම සිරසෙහි ඇඳිලිකොට (බැඳ)
1514. “පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සියලු සතුනට උතුම්වූ බුදුරජාණන් වහන්සේ වැඳ, මම එහි කළුරික කෙළේ වෙමි.
1515. මින් දෙයානූවන කපෙහි යම් පුරුෂෝත්තමවූ සර්වඥ කෙනෙකුට වැන්දෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්ධ) වන්දනාවෙහි මේ විපාකයයි.
1516. මින් පස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති මහා සිව නම්වූ සක්විති රජවරු පස් දෙනෙක් වූහ.
1517. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිපන්නඤ්ජලිකත්ථෙරස්සාපදානං තතියං.
84. අධොපුප්ඵිය ථේරාපදානය
1518. “සිඛී නම් බුදුරජාණන් වහන්සේගේ අග්රශ්රාවකවූ, මහානුභාව ඇති, ත්රිවිද්යාවෙන් යුත් අභිභූ නම් ඒ භික්ෂුතෙමේ හිමවතට එළඹියේය.
1519. “එකල්හි මම අප්රමාණ ආරම්මණයන්හිද, ඎද්ධීන්හිද වශ යටපත් ඎෂියෙක් වූයේ රමණීය අසපුවක වසමි.
1520. “මම (උන්වහන්සේ විසූ) කඳු පහළින් මල් ගෙන පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්ෂියෙකු මෙන් පර්වතයට නැංගෙමි.
1521. “මල් සතක් ගෙන මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිරවීමි. වීරවූ අභිභූ ශ්රාවකයන් වහන්සේ විසින් ඒ (දෙස) බලන කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1522. අසපුවට පැමිණි මම එය වාසස්ථානය කර ගතිමි. කදක් ගෙන මම පර්වත අභ්යන්තරයට පිවිසියෙමි.
1523. “(එහිදී) ඝොර ස්වරූපවූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළීය. පෙර කළ (ඒ පුෂ්ප පූජා) පුණ්ය කර්මය සිහි කොට (මම) එහිම කළුරිය කෙළෙමි.
1524. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
1525. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධොපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අධොපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.