72. පදසඤ්ඤක ථේරාපදානය
5. “තිස්ස බුදුරජාණන් වහන්සේගේ තබන්නාවූ ශ්රී පාදය දැක සතුටුවූයේ සතුටු සිතින් ශ්රීපාදයෙහි සිත පැහැදවීමි.
6. “මින් දෙඅනූවන කපෙහිවූ යම් (ශ්රීපාද පිළිබඳ) සංඥාවක් ලැබීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පද සංඥාවෙහි (සිරිපා සටහන් ගෙන එය පිදීමෙහි) මේ විපාකයයි.
7. “මින් සත්වන කපෙහි සත්රුවණින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විති රජෙක් විය.
8. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදසඤ්ඤකත්ථෙරස්සාපදානං දුතියං.
73. බුද්ධසඤ්ඤක ථේරාපදානය
9. “ගසක් මුදුනෙහි එල්වන ලද බුදුරජාණන් වහන්සේගේ පංශුකූල සිව්ර දැක, ඉක්බිති එයට ඇඳිලි බැඳ, මම (එම) පාංශුකූල සිවුර වැන්දෙමි.
10. “මින් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
11. මින් සිව්වන කපෙහි සිව් මහ දිවයින හා සිව් මහ සයුර කෙළවරකොට ඇති, පෘථිවීශ්වරවූ, සතුරු රජුන් ජයගන්නාසුළුවූ, මහත් බල ඇති, දුමසාර නම් සක්විති රජෙක් විය.
12. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං තතියං.
74. භිසාලුවදායක ථේරාපදානය
13. “මම මහ වනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ විපස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
14. “(උන්වහන්සේට) අත දෝනා දියෙහිවූ නෙළුඹලද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්රීපාදයන් වැඳ, උතුරුදිගට මුහුණලා ගියෙමි.
15. “මින් එක් අනූවන කපෙහිවූ එකල්හි නෙළුම් අල දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) පුණ්යකර්මයාගේ මේ විපාකයයි.
16. මින් තෙවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය.
17. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භිසාලුවදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
75. එක සඤ්ඤක ථේරාපදානය
18. “විපස්සී බුදුරජාණන් වහන්සේගේ නම්න් චණ්ඩ නම්වූ අග්ර ශ්රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ, (දක්ෂිණාර්හ) වූ උන්වහන්සේ කෙරහි මා විසින් එක් භික්ෂාවක් දෙන ලදී.
19. “විපදෝත්තමයාණන් වහන්ස, නරශ්රේෂ්ඨයන් වහන්ස, එම චිත්ත ප්රසාදය හේතුකොටගෙන දුගතියක් නොදනිමි. එක භික්ෂාවෙහි මේ විපාකයයි.