57. පඤ්චදීපක ථේරාපදානය
50. “මම සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙහි මනාව පිහිටා ඎජුවූ දෘෂ්ටි ඇත්තේ වීමි.
51. “බෝධිය වටකොට ප්රදීප දානයක් බුදුරජාණන් වහන්සේ දුනිමි. (පහන් පූජාවක් කෙළෙමි.) කර්ම ඵල අදහසින් පහන් (දැල්වීමි.) කෙළෙමි.
52. “මම දිව්යවූ හෝ, මනුෂ්යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, (එවිට ඒ පුණ්ය කර්ම හේතුවෙන්) අහසෙහි දඬුවැටපහන්(පන්දම්) දරත්. ප්රදීප දානයාගේ මේ විපාකයයි.
53. “පර්වතද ඉක්මවා බිත්තියෙන් (තාප්පයෙන්) පිටද, ගල් තලාවකින් පිටතද ඇති හාත්පස යොදුන් සියයක් තැනවූ සියල්ල දර්ශනය කරමි. (බලමි.)
55. “තුන්දහස් සිව්වන කපෙහි “සතචක්ඛු” යන නමාන නම් ඇති මහා තේජස් ඇති මහත් බල ඇති රජවරු වූහ.
54. “එම කර්මයාගේ අවශේෂ විපාකයෙන් ආශ්රවක්ෂයට පැමිණියේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)
56. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචදීපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පඤ්චදීපකත්ථෙරස්සාපදානං සත්තමං.
58. ධජදායක ථේරාපදානය
57. “මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටුවූයේ, සතුටු සිතින්ම ධජයක් නැගීමි.
58. “(බෝධියෙන්) වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතුළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් (කෙළෙසුන්ගෙන්) මිදුණු ආශ්රව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
59. “පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවනට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක.
61. “මෙම ධජ දානයෙන්ද (බෝපත් බැහැර කිරීම් වශයෙන් කළ) උපස්ථානයෝද යන මේ දෙකින් හෙතෙම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියට නොයයි.
62. “දෙවියන් අතර බොහෝවූ දිව්ය සෞභාග්ය (සම්පත්) අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නම්න් “උග්ගත” නම්වූ සක්විති රජෙක්ද වන්නේය.
63. “කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය.”
64. “උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්ය්ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
65. “පන්දහස් එක්වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේම) පන්දහස්වන කපෙහි “මෙඝ” නම් රජෙක් වීමි.
66. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ධජදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
59. පදුම ථේරාපදානය
67. “උත්තම ධර්ම ප්රකාශකවූ (පදුමුත්තර බුදුරජ තෙම) චතුස්සත්යය දෙසමින් මහජනයාගේ (කෙළෙස් ගිනි) නිවමින් අමා වැසි වස්වයි.
68. “නටුව සහිත පියුමක් ගෙන දෙකම ඔසවා සිටි මම සතුටුවූයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට අහසෙහි (උඩට) දැමීමි.
69. “එකෙණෙහි පියුම පහළට වැටෙන කල්හි ආශ්චර්ය්යයක් විය. කථා කරන්නවුන් අතුරෙන් ශ්රේෂඨවූ බුදුරජ තෙම මාගේ අදහස දැන (එය) පිළිගත් සේක.
70. “ජලයෙහි හටගත් පියුම ශ්රේෂඨ අතින් ගෙන ශාස්තෘ තෙමේ බික් සඟන මැද හිඳ, මෙම ගාථාවන් දෙසූහ.
71. “විනායක (නිවණට පමුණුවන) වූ සර්වඥයන් වහන්සේ කෙරෙහි යමෙකු විසින් මෙම පියුම (උඩට) දමන ලදද, ඔහු (කවරෙක්දැයි) මම කියමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
72. “තිස් කපක් මුළුල්ලෙහි ශක්ර දේවේන්ද්රව දිව්ය රාජ්යය කරන්නේය. සත්සිය වරක් පෘථිවි රාජ්යය (කොට) පොළොවෙහි වාසය කරන්නේය.
73. “එහි (පියුම්) පත් ගෙන (එම ගණනින්) සක්විති රජ වන්නේය. එකල අහසින් මල් වැසි වසින්නේය.
74. “මින් කල්ප ලක්ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේය.