559. සීවක තෙරුන්ගේ අපදානය
(ආහාර) සොයා හැසිරෙන විපස්සී බුදුරජාණන් වහන්සේගේ හිස් පාත්රය දැක, මම එය කුම්මාස (මුං හෝ මෑ පිටි ආහාර) වලින් පිරවූයෙමි.
මෙයින් අනූඑක්වන කල්පයෙහි යම් භික්ෂාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ කුම්මාස දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා දමන ලදහ. ඇතුකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් සීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නවවන සීවක තෙරුන්ගේ අපදානයයි.
එහි උද්දානය:
යස ද, නදීකස්සප ද, ගයාකස්සප ද, කිම්බිල ද, වජ්ජිපුත්ත ද, උත්තර ද්වය ද (උත්තර හා අපර උත්තර), භද්දජි ද, සීවක නම් උත්තමයා ද (වෙත්).
පනස්හයවන යස වර්ගයයි.
ථෙරාපදානය සමාප්තයි.
(රට්ඨපාල සහ උපවාන තෙරුන්ගේ අපදානයන් ‘මඡසං’ පොතෙහි යස වර්ගයට ඇතුළත් වී ඇති බව පෙනේ, එසේ වුවද අපදාන පාළි පළමු කොටසේ දෙවන හා තුන්වන වර්ගයන්හි ඔවුන්ගේ අපදාන පැමිණ ඇති බැවින් මෙහි නොදක්වන ලද බව දත යුතුය.)