536. බාහියත්ථෙරාපදානං
5839. මින් (පෙර) සියක් දහස්වන කපෙහි මහත් ප්‍රභා ඇති, තිලොවට අග්‍රවූ, නම්න් පදුමුත්තර නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
5840. එකෙනෙහි දහම් අවබෝධ කරන බැවින්) ක්‍ෂිප්‍රාභිඥවූ භික්‍ෂුවකගේ ගුණයට පසසන බුදුරජුන්ගේ (දෙසුම) අසා ඔදවැඩි සිත් ඇති මම මහාර්ෂීවූ (එම) බුදුරජුන්හට පුද සත්කාරකොට
5841. එකල්හි මම සිසුන් (ශ්‍රාවක සංඝයා) සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී, සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
5842. ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසූහ. ‘මාගේ පාමුල වැටුනාවූ, පහන්වූ ඇස් හා මුහුණු ඇති (මෙම බමුණා දෙස බලව්).
5843. රන්හුයින් යාගයෙහිදි දැමූ පූනනූල් සහිත සිරුරු ඇති, සුදු පැහැ ඇඟ සිවි ඇති, එල්බෙන (ඉදීමෙන්) රතු බිඹුඵල වැනි දෙතොල් ඇති, මුවහත් තියුණු අවියකින් (මැද) සමකළාක් වැනි දත් ඇති,
5844. අති බොහෝවූ ගුණය හා බලය ඇති, මැනවින් උඩට නැඟුණාවූ ඌර්ධවාග්‍ර රෝම ඇති, ගුණ නමැති සැඩපහරට ස්ථානයක්වූ, ප්‍රීතියෙන් මැනවින් පුබුදුව ගිය මුහුණු ඇති,
5845. මෙතෙම ක්‍ෂිප්‍රාභිඥා (එකෙණෙහි දහම් අවබෝධ කරන්නාවූ) භික්‍ෂුවගේ (එම) තනතුර පතයි. අනාගතයෙහි ගෞතම නම් බුදුරජතෙම(ලොව පහළ) වන්නේය.
5846. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, නම්න් බාහිය නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
5847. එකල්හි ඉතා සතුටුවූයේ නැගිට දිවි ඇතිතාක් බුදුරජුන්හට සත්කාරකොට (ඉන්) චුතවූයේ සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
5848. මම එම කර්‍මයාගේ බලයෙන් දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ සුඛිතවූයේ සැරිසරා සම්පත් අනුභව කෙළෙමි.
5849. යලි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි කඳු මුදුනකට නැගී, බුදුසසුනෙහි යෙදී,
5850. පිරිසිදු සිල් ඇති, ප්‍රඥාවෙන් යුතුවූ, බුදුසසුන් කරන්නාවූ (අපි) පස්දෙනෙක් ඉන් චුතවූවාහු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමු.
5851. ඉක්බිති හාරුකච්ඡ නම් උතුම් නගරයෙහි මම උපන්නේ “බාහික” (නමැත්තේ වීමි.) අනතුරුව නැවකින් අප්‍රකට සයුරට පිවිසියේ,
5852. ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේය. එකල්හි (දැති) මුවර (ආදී චණ්ඩ මත්ස්‍ය)යනට ආකරවූ ඝොර බිරුම් (සයුරෙහි) වැටුනේ,
5853. එකල්හි මම වෑයම්කොට මහසයුර තරණයකොට (වෙහෙස කරණකොටගෙන) මඳවූ නුවණැත්තේ උතුම් සුප්පාරක පටුනට පැමිණියේ,
5854. සිහින් දර පතුරුවලින් ගොතා කළ වස්ත්‍රයක් හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි (එම ගමෙහි) එම ජන තෙමේ තුටුවූයේ මෙසේ කීය. “මේ රහත් කෙනෙක් මෙහි පැමිණියේය.