507. අජෙලිඵලදායක ථේරාපදානය
“එකල්හි චරණ ධර්මයන්ගෙන්ද යුක්තවූ, සමාධියෙහි දක්ෂවූ, මොනෙය්ය ගුණ යුත්, අජ්ජුන නම් සම්බුදුරජතෙමේ හිමවතෙහි වැඩවිසූහ.
“මම (එම) ශාස්තෘන් වහන්සේට කළයක් පමණවූ අජෙලිඵලයක්ද, ජීවජීවකද, කොළවලින් තැනූ කුඩයක්ද ගෙන දුනිමි.
“මෙයින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජෙලිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අජෙලිඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.
508. අමොදඵලිය ථේරාපදානය
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්ණවර්ණවූ, වීථියට පිළිපන්නාවූ සම්බුදුරජුන් (දැක) අමොදඵලයක් දුනිමි.
“මෙයින් එක්අනූවන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අමොදඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අමොදඵලියත්ථෙරස්සාපදානං අට්ඨමං.
509. තාලඵලදායක ථේරාපදානය
“සියල්ල තෙමේම අවබෝධ කරගත්, පස්මරුන් දිනූ සතරංසි නම් භාග්යවත් තෙමේ විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩි සේක.
“මම (තථාගතයන්) දැක, (තල්) ගෙඩියක් ගත් අත් ඇතිව එම බුදුරජුන් වෙත එළඹියෙමි. (එසේම) මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (එම) තල්ගෙඩිය දුනිමි.
“මෙයින් සිව් අනූවන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තාලඵලදායකත්ථෙරස්සාපදානං නවමං.
510. නාළිකෙරදායක ථේරාපදානය
“එකල්හි මම බන්ධුවතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නාවූ කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.