505. වාරඵලිය ථේරාපදානය
“මම ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, වීථියට පිළිපන්, ස්වර්ණ වර්ණවූ සම්බුදුරජුන්හට වාර ඵලයක් දුනිමි.
“මෙයින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් වාරඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාරඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාදඵලියත්ථෙරස්සාපදානං පඤ්චමං.
506. මාතූලුඞ්ගඵලදාකත්ථෙරාපදානං
“පසළොස්වක් පොහෝ දිනයෙහි සඳු මෙන් දිලිසුන, කිණිහිරි රුකක් වැනි, ප්රදීප වෘක්ෂයක් මෙන් බබලන, ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.
“මම නාරන් ගෙඩියක් ගෙන දක්ෂිණාර්හ දීමට සුදුසුවූ, ප්රාඥවූ, ශාස්තෘන් වහන්සේට පහන්වූයේ සියතින් දුනිමි.
“මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මාතුඞ්ගඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මාතුලුඞ්ගඵලදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
507. අජෙලිඵලදායක ථේරාපදානය
“එකල්හි චරණ ධර්මයන්ගෙන්ද යුක්තවූ, සමාධියෙහි දක්ෂවූ, මොනෙය්ය ගුණ යුත්, අජ්ජුන නම් සම්බුදුරජතෙමේ හිමවතෙහි වැඩවිසූහ.
“මම (එම) ශාස්තෘන් වහන්සේට කළයක් පමණවූ අජෙලිඵලයක්ද, ජීවජීවකද, කොළවලින් තැනූ කුඩයක්ද ගෙන දුනිමි.
“මෙයින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජෙලිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අජෙලිඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.
508. අමොදඵලිය ථේරාපදානය
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්ණවර්ණවූ, වීථියට පිළිපන්නාවූ සම්බුදුරජුන් (දැක) අමොදඵලයක් දුනිමි.
“මෙයින් එක්අනූවන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.