464. සෙතුදායක ථේරාපදානය
සක්මන් කරන්නාවූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ එදණ්ඩක් කරවීමි.
මින් එක් අසූවන කපෙහි (යම්) හෙයක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සෙතු (ඒ දඬු) දානයෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙතුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සෙතුදායක ථෙරුන්ගේ අපදානය සිව්වැනියි.
465. සුමනතාලවණ්ටිය ථේරාපදානය
මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සමන් මල්වලින් වසන ලද විජිනිපතක් දුනිමි. (එයින් මම) මහත් යශස් දරමි.
මම මින් සිව් අනූවන කපෙහි යම් විජිනි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනතාලවණ්ටිය ථෙරුන්ගේ අපදානය පස්වැනියි.
466. අවණ්ටඵලිය ථේරාපදානය
පස්මරුන් දිනූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ සතරංසී නම් භාග්‍යවත් බුදුරජතෙම විවේක සුව කැමැත්තේ පිඬු පිණිස නික්මුණ සේක.
අතින් ගත් ගෙඩි (වර්‍ගයක්) ඇති මම බුදුරජුන් දැක (එහි) එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, එම (වටවු) ගෙඩි (වර්‍ගය) උන්වහන්සේට දුනිමි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවණ්ටඵලිය ථෙරුන්ගේ අපදානය හයවැනියි.
467. ලබුජදායක ථේරාපදානය
එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමක වතාවත් කරන්නෙක්) වීමි. (එවිට) අහසින් වඩින්නාවූ රජස් රහිත බුදුරජුන් දුටුවෙමි.