462. චිතක පූජක ථේරාපදානය
ධ්‍යාන වඩන්නාවූ, ලෝකබන්ධුවූ සිඛී බුදුරජාණන් වහන්සේගේ චිතකයට සපු මල් අටක් පිදීමි.
මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජක ථෙරුන්ගේ අපදානය දෙවැනියි.
463. චිතක නිබ්බාපක ථේරාපදානය
වෙස්සභූ බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි මම සුවඳ පැන් ගෙන චිතකය නිවීමි.
මින් එක් තිස්වන කපෙහි (බුදුරජුන් ගේ) චිතකය නිවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුවඳ දිය දීමෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක නිබ්බාපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකනිබ්බාපක ථෙරුන්ගේ අපදානය තුන්වැනියි.
464. සෙතුදායක ථේරාපදානය
සක්මන් කරන්නාවූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ එදණ්ඩක් කරවීමි.
මින් එක් අසූවන කපෙහි (යම්) හෙයක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සෙතු (ඒ දඬු) දානයෙහි මේ විපාකයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙතුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සෙතුදායක ථෙරුන්ගේ අපදානය සිව්වැනියි.
465. සුමනතාලවණ්ටිය ථේරාපදානය
මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සමන් මල්වලින් වසන ලද විජිනිපතක් දුනිමි. (එයින් මම) මහත් යශස් දරමි.
මම මින් සිව් අනූවන කපෙහි යම් විජිනි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාකයයි.