449. වෙදිකාරක ථේරාපදානය
4777. “පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ වෘක්ෂරාජයාවූ බෝධියෙහි වේදිකාවක් මැනවින් කොට සිය සිත පැහැදවීමි.
4778. “ඉක්බිති කළාවූද, නොකළාවූද භාණ්ඩයෝ අහසින් වඩිත්. වේදිකා දානයෙහි මේ විපාකයයි.
4779. “දෙපසෙහි පවත්නා භයානක දැඩි යුදෙහිදී වුවද (ඔවුනොවුන් ඉදිරියට) පනින්නාහු (මම) භයානක අරමුනක් නොදකිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.
4780. “මාගේ අදහස දැන ශුභවූ විමනක් පහළවේ. (එහි) මාහැඟි සයනයෝද වෙත්. වේදිකා දනෙහි මේ විපාකයයි.
4781. “මින් සියක් දහස්වන කපෙහි (මම) යම් වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.
4782. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4783. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4784. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙදිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වෙදිකාරකත්ථෙරස්සාපදානං නවමං.
450. බොධිඝරිය ථේරාපදානය
4785. “විපදොත්තමවූ, තාදී ගුණ ඇති සිද්ධාර්ත්ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ බෝධියක් කරවීමි.
4786. “(ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නේ වෙමි. රතන ගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ, ඌෂ්ණය හෝ, වාතය හෝ නොගෑවේ.
4787. “මම මින් පන්සැටවන කපෙහි සක්විති රජ වීමි. (මට) විශ්වකර්මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.
4788. “(එම නගරය) දස යොදුනක් දිගය. අට යොදුනක් පුළුල්ය. එම නගරයෙහි දර හෝ, වැල් හෝ, මැටි නැත.
4789. “(එහි) විශ්වකර්මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්‍රාසාදයෙක් විය. (එය) යොදුනක් දිගු විය. අට යොදුනක් පුළුලු විය.
4790. “(එහි) අසූහාරදහසක් ස්වර්ණමය ස්ථම්භයෝ වූහ. වාරයෝ මිණිමයහ. සෙවෙනිය (පියස්ස) රජතමය විය.
4791. “සියල්ල රණින් කළාවූ ගෙයක් විශ්වකර්මයා විසින් මවන ලදී. මා විසින් එහි වසන ලදී. ගෘහ දානයාගේ මේ විපාකයයි.
4792. “දෙව් මිනිස් භවයෙහි ඒ සියලු සම්පත් අනුභවකොට අද නිරුත්තර ශාන්තිපදයවූ නිවනට පැමිණියේ වෙමි.
4793. “මින් සිව් අනූවන කපෙහි (යම්) බොධි ගෘහයක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහ දානයාගේ මේ විපාකයයි.
4794. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4795. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.