441. විභීටකමිඤ්ජිය ථේරාපදානය
4717. “සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ඒ කකුසඳ බුදුරජතෙමේ සමූහයා කෙරෙහි වෙන්ව වනයට වැඩි සේක.
4718. “මම (බුළු) ඇට මද ගෙන වැලක ඇවිනීමි. භාග්‍යවත් තෙම එසමයෙහි කඳු අතරෙහි ධ්‍යාන කෙරෙති.
4719. “මම (එම) බුදුරජුන් දැක පැහැදි සිතින් වීරවූ, දක්‍ෂිණාර්හවූ බුදුරජුන්හට (බුළු) ඇට මද දුනිමි.
4720. “මෙම කපෙහිවූ එකල්හි යම් ඵල දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුළු ඇට මද දීමෙහි මේ විපාකයයි.
4721. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4722. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4723. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විභීටකමිඤ්ජිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
විභීතකමිඤ්ජියත්ථෙරස්සාපදානං පඨමං.
442 කොලදායක ථේරාපදානය
4724. “එකල්හි අඳු දිවි සම් හැඳි මම වැහැරි බර උසුලන්නේ (එහි මලා) අසපුවට ඩෙබර ගෙනාවෙමි.
4725. “එසමයෙහි ශ්‍රේෂ්ඨ පුද්ගලවූ, අසහාය පුද්ගලවූ සිඛී බුදුරජතෙම ලොව පහළවූහ. හැම කාලයක් දන්නාවූ එම (සර්‍වඥ තෙම) මාගේ අසපුවට එළඹි සේක.
4726. “මම බුදුරජුන්හට වැඳ, සිය සිත පහදවා දොහොතින් ඩෙබර (ඵලයක්) ගෙන දුනිමි.
4727. “මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් ඩෙබර ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයෙහි මේ විපාකයයි.
4728. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4729. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4730. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොළදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොලදායකත්ථෙරස්සාපදානං දුතියං.
443. බිල්ලඵලිය ථේරාපදානය
4731. “මා විසින් චන්‍ද්‍රභාග නදී තීරයෙහි බෙලිගස්වලින් ගැවසීගත් නොයෙක් වෘක්‍ෂයන්ගෙන් සෙවුනා ලද අසපුවක් මනාකොට කරන ලදී.
4732. “සුවඳවත් බෙලි (ගෙඩියක්) දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටුවූයේ, ඉපිලීගිය සිත් ඇත්තේ, කදක් පුරවාගෙන,
4733. “කකුසඳ බුදුරජුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂෙත්‍රවූ, වීරවූ උන්වහන්සේට පැහැදි සිතින් (එම) බෙලි ගෙඩිය දුනිමි.
4734. “මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
4735. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4736. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
4737. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිල්ලඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බිල්ලියත්ථෙරස්සාපදානං තතියං.