383. උදුම්බර ඵලදායක ථේරාපදානය
3292. “චින්තා නදී තීරයෙහි පුරුෂෝත්තමවූ බුදුරජතෙම වැඩ විසූහ. (මම) සන්සුන්වූ, කෙළෙස් රජස් විරහිත, එකඟවූ බුදුරජුන් දිටිමි.
3293. “කෙළෙස් මල දෝනාවූ උන්වහන්සේ කෙරහි පහන් සිත් ඇත්තේ, මම දිඹුල් ගෙඩියක් ගෙන බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේට දුනිමි.
3294. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3295. “බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3296. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
3297. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදුම්බරඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදුම්බරඵලදායකත්ථෙරස්ස අපදානං තතියං.
384. පිලක්ඛ ඵලදායක ථේරාපදානය
3298. “වනයෙහිදී මහත් කීර්ති ඇති අත්‍ථදස්සී බුදුන් දැක පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පුලිල ගෙඩි දුනිමි.
3299. “එක් දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3300. “බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3301. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
3302. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්ඛ ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පිලක්ඛඵලදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
385. ඵාරුස ඵලදායක ථේරාපදානය
3303. “ලෝකයේ පූජාවන් පිළිගන්නාවූ, රන්වන්වූ, මාර්‍ගයෙහි වඩින්නාවූ බුදුරජුන් දැක (මම) උන්වහන්සේට බොරළු දමන (උගුරැස්ස) නම් ගෙඩි වර්‍ගයක් දුනිමි.
3304. “මින් එක් අනුවන කපෙහි යම් ඵලදානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3305. “බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.