381. අවණ්ටඵලදායක ථේරාපදානය
3278. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, භාග්යවත්වූ, සතරංසි නම් සම්බුදු රජතෙම, විවේකය කැමති වන්නේ ගොදුරු ගමින් නික්මුන සේක.
3279. “මම (එසේ නික්මෙන්නාවූ) බුදුරජුන් දැක, ඵල ගත් අත් ඇත්තේ (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, නැටි රහිත ගෙඩි වර්ගයක් දුනිමි.
3280. “මින් සිව් අනූවන කපෙහි මම යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3281. “බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්රිවිද්යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්රිවිද්යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3282. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
3283. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවණ්ටඵලදායකත්ථෙරස්ස අපදානං පඨමං.
382. ලබුජදායක ථේරාපදානය
3284. “එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. (එහිදි) අහසෙහි වඩින්නාවූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
3285. “(දැක) මම දෙල් ගෙඩි ගෙන බුදුරජුන්හට දුනිමි. මහත් යසස් ඇති සර්වඥ තෙම අහසෙහි වැඩ සිටියේම එය පිළිගත් සේක.
3286. “(එය) මාගේ සතුට උපදවන්නෙකි. මෙලොවෙහිදීම සුව එලවන්නෙකි. පැහැදි සිතින් (එම) ඵල බුදුරජුන්හට දී,
3287. “එකල්හි ප්රීතියද, මහත්වූ උතුම් ප්රීතියද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නාවූ තමන්හට රුවන් නිපදේමය.
3288. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3289. “බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්රිවිද්යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්රිවිද්යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3290. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
3291. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ලබුජදායකථෙරස්ස අපදානං දුතියං.
383. උදුම්බර ඵලදායක ථේරාපදානය
3292. “චින්තා නදී තීරයෙහි පුරුෂෝත්තමවූ බුදුරජතෙම වැඩ විසූහ. (මම) සන්සුන්වූ, කෙළෙස් රජස් විරහිත, එකඟවූ බුදුරජුන් දිටිමි.
3293. “කෙළෙස් මල දෝනාවූ උන්වහන්සේ කෙරහි පහන් සිත් ඇත්තේ, මම දිඹුල් ගෙඩියක් ගෙන බුද්ධ ශ්රේෂඨයන් වහන්සේට දුනිමි.
3294. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3295. “බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්රිවිද්යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්රිවිද්යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.