379. සුමනදාසිය ථේරාපදානය
“(චතුර් මාර්‍ග ඥාන ජලයෙන් කෙළෙස් කසට සේදී යන සේ) ස්නානය කළාවූ තපොගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට ඉදිරියෙහි සිටියේ සමන්මල් දමක් කොට දැරීමි.
“මින් සිව් අනූවන කපෙහි යම් (සමන් මල්) දමක් දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුමන මල් දම් දැරීමෙහි මේ විපාකයයි.
“බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාසිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනදාමියත්ථෙරස්සාපදානං නවමං.
380. කාසුමාරිඵලදායක ථේරාපදානය
“කිණිහිරි රුකක් මෙන් බබළන්නාවූ කඳු, අතරෙහි වැඩහුන් කෙළෙස් රජස් විරහිත, ලොවට දෙටුවූ, නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන් දුටිමි.
“(දැක) පහන් සිත් ඇති, සොම්නස්වූ මම හිසෙහි ඇඳිලි බැඳ, කාසුමාරි ඵල (ඇත්දෙමට ගෙඩි) ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
“මින් එක් තිස්වෙනි කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කාසුමාරිඵලදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
බෝධි, පාටලි, උප්පල, පට්ටි සහ සත්තපණ්ණියද, ගන්ධමුට්ඨි, චිතක, තාල සහ සුමනදාමකද, කාසුමාරිඵලිය යන මේ ථෙරවරුන් දසදෙනාය. (මෙහි) ගාථාවෝ එක් සැටක් වෙති.
බොධිවන්දනවග්ගො අට්ඨතිංසතිමො.
39. අවණ්ටඵලදායක වග්ග
381. අවණ්ටඵලදායක ථේරාපදානය
3278. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, භාග්‍යවත්වූ, සතරංසි නම් සම්බුදු රජතෙම, විවේකය කැමති වන්නේ ගොදුරු ගමින් නික්මුන සේක.
3279. “මම (එසේ නික්මෙන්නාවූ) බුදුරජුන් දැක, ඵල ගත් අත් ඇත්තේ (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, නැටි රහිත ගෙඩි වර්‍ගයක් දුනිමි.
3280. “මින් සිව් අනූවන කපෙහි මම යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
3281. “බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
3282. “මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
3283. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවණ්ටඵලදායකත්ථෙරස්ස අපදානං පඨමං.