377. චිතක පූජක ථේරාපදානය
“පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ ශ්‍රී දේහය) චිතකයට නැගූ කල්හි (මම) සල් මල් පිදීමි.
“මින් ලක්‍ෂයක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
“බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
378. සුමනතාලවණ්ටිය ථේරාපදානය
“මම සමන් මල්වලින් මසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම එම විජිනිපත සිද්‍ධාර්ත්‍ථ භාගයවතුන් වහන්සේට දුනිමි.
“මම මින් සිව් අනූවන කපෙහි යම් විජිනි පතක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. විජිනිපත් දනෙහි මේ විපාකයයි.
“බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනතාලවණ්ටියත්ථෙරස්සාපදානං අට්ඨමං.
379. සුමනදාසිය ථේරාපදානය
“(චතුර් මාර්‍ග ඥාන ජලයෙන් කෙළෙස් කසට සේදී යන සේ) ස්නානය කළාවූ තපොගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට ඉදිරියෙහි සිටියේ සමන්මල් දමක් කොට දැරීමි.
“මින් සිව් අනූවන කපෙහි යම් (සමන් මල්) දමක් දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුමන මල් දම් දැරීමෙහි මේ විපාකයයි.
“බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාසිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනදාමියත්ථෙරස්සාපදානං නවමං.
380. කාසුමාරිඵලදායක ථේරාපදානය
“කිණිහිරි රුකක් මෙන් බබළන්නාවූ කඳු, අතරෙහි වැඩහුන් කෙළෙස් රජස් විරහිත, ලොවට දෙටුවූ, නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන් දුටිමි.
“(දැක) පහන් සිත් ඇති, සොම්නස්වූ මම හිසෙහි ඇඳිලි බැඳ, කාසුමාරි ඵල (ඇත්දෙමට ගෙඩි) ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
“මින් එක් තිස්වෙනි කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.