375. සත්තපණ්ණිය ථේරාපදානය
“ලෝකනායකවූ සුමන නම් සම්බුදු රජ තෙමේ ලොව පහළ වූහ. (මම) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, රුක්අත්තන (මල්) පිදීමි.
“මින් සියක් දහස් (ලක්ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් රුක් අත්තන මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. රුක්අත්තන මල් පිදීමේ මේ විපාකයයි.
“බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්රිවිද්යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්රිවිද්යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපණ්ණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තපණ්ණියත්ථෙරස්සාපදානං පඤ්චමං.
376. ගන්ධමුට්ඨිය ථේරාපදානය
“නොයෙක් සුවඳ වර්ග රැස්කොට සෑයක් (චිතකයක්) කරනු ලබන කල්හි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සුවඳ මිටක් (මම සෑයට) පිදීමි.
“මින් ලක්ෂයක්වන කකල්පයෙහි යම් චිතක පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
“බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්රිවිද්යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්රිවිද්යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධමුට්ඨිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධමුට්ඨියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
377. චිතක පූජක ථේරාපදානය
“පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ ශ්රී දේහය) චිතකයට නැගූ කල්හි (මම) සල් මල් පිදීමි.
“මින් ලක්ෂයක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
“බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්රිවිද්යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්රිවිද්යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
“මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
378. සුමනතාලවණ්ටිය ථේරාපදානය
“මම සමන් මල්වලින් මසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම එම විජිනිපත සිද්ධාර්ත්ථ භාගයවතුන් වහන්සේට දුනිමි.
“මම මින් සිව් අනූවන කපෙහි යම් විජිනි පතක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. විජිනිපත් දනෙහි මේ විපාකයයි.