364. කෙශරී පුප්ඵිය ථේරාපදානය
“එකල්හි මම හිමවත් පව්වෙහි විද්යාධරයෙක් වීමි. (එහිදී) මහත් යසස් ඇති, කෙළෙස් රජස් නැති, සක්මන් කරන්නාවූ බුදුරජුන් දුටිමි.
“කෙසුරු මල් (බක්මී) තුණක් හිස මත තබා වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.
මම තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෙශරී පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කෙසරපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
365. අඞ්කොල පුප්ඵිය ථේරාපදානය
“එකල්හි චිත්රකූට පර්වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ වෙසෙන සේක. තෙමේම අවබෝධ කළාවූ උන්වහන්සේ දැක (එහි) එළඹියෙමි.
“එකල්හි පිපුණ රුකඟුන ගසක් දැක, මම එම මල් නෙලා, පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ (එය) පිදීමි.
මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඞ්කොලපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
366. කදම්බ පුප්ඵිය ථේරාපදානය.
“ඇතුල් වීථියෙහි වඩින්නාවූ, ස්වර්ණවර්ණවූ, දෙතිස් ලකුණෙන් විසිතුරුවූ, කසුන් ඇගෑවක් වැනි
“ලෝක නායකවූ බුදුරජුන් උතුම් පහයෙහි හිඳ දුටිමි. (මම) ඒ විපස්සී බුදුරජුන්හට කොළොම් මල් ගෙන පිදීමි.
මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කදම්බපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.
367. උද්දාල පුප්ඵිය ථේරාපදානය.
“අනොම නම් සම්බුදුරජ තෙමේ ගං ඉවුරෙහි විසූ සේක. මම එකල්හි ඇසල මල් ගෙන පස් මරුන් දිනූ උන්වහන්සේට පිදීමි.
මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උද්දාලකපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.
368. එක චම්පක පුප්ඵිය ථේරාපදානය
“උපසන්ත නම් සම්බුදුරජතෙමේ කඳු අතරෙහි වෙසෙන සේක. (මම) එක් සපු මලක් ගෙන නරොත්තමවූ එම බුදුරජුන් වෙත එළඹියෙමි.
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පස්මරුන් දිනූ පසේබුදුරජුන්හට (එම මල්) දොහොතින් ගෙන පිදීමි.
මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකචම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.