362. කක්කාරු පුප්ඵිය ථේරාපදානය.
“(මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණි ශ්‍රීමත්වූ ගෞතමයන් වහන්සේ (දුටිමි.) (දැක) කැකිරි මල් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
මින් දෙයානූවන කපෙහි යම් බුද්ධ පූජාවක් (කැකිරි මල් පිදිමක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරු පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කක්කාරුපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.
363. භිසමුළාලදායක ථේරාපදානය
“සියළු ධර්‍මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්‍වඥවරයෙක් විය. සප්‍රාඥවූ, විවේකය කැමති උන්වහන්සේ මාගේ සමීපයට පැමිණි සේක.
“පස් මරුන් ජයගත්, මහා කාරුණීකවූ එම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා, මම නෙළුඹල සහ දඬු ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් නෙළුඹල දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නෙළුඹල දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසමුළාලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භිසමුළාලදායකත්ථෙරස්සාපදානං තතියං.
364. කෙශරී පුප්ඵිය ථේරාපදානය
“එකල්හි මම හිමවත් පව්වෙහි විද්‍යාධරයෙක් වීමි. (එහිදී) මහත් යසස් ඇති, කෙළෙස් රජස් නැති, සක්මන් කරන්නාවූ බුදුරජුන් දුටිමි.
“කෙසුරු මල් (බක්මී) තුණක් හිස මත තබා වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.
මම තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෙශරී පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කෙසරපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.
365. අඞ්කොල පුප්ඵිය ථේරාපදානය
“එකල්හි චිත්‍රකූට පර්‍වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ වෙසෙන සේක. තෙමේම අවබෝධ කළාවූ උන්වහන්සේ දැක (එහි) එළඹියෙමි.
“එකල්හි පිපුණ රුකඟුන ගසක් දැක, මම එම මල් නෙලා, පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ (එය) පිදීමි.
මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඞ්කොලපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.