358. මඤ්චදායක ථේරාපදානය
ලොවට දෙටුවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින්ම මා විසින් ඇඳක් දෙන ලදී.
එයින් හස්ති යානයන්ද, අශ්වයන්ද, දිව්යමය යානයන්ද ලැබීමි. එම මඤ්චදානයෙන්ම (ඇඳ දන් දීමෙන්) ආශ්රවක්ෂය (රහත් බවටද) පැමිණියේ වෙමි.
මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්චක දානයාගේ මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මඤ්චදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
359. සරණගමණීය ථේරාපදානය
එකල්හි ආජීවකයෙක්වූ මමද, භික්ෂුවක්ද, නැවකට නැගුණෙමු. නැව බිඳෙන කල්හි ආජීවකයෙක්වූ මට භික්ෂුව සරණ දුන්නේය.
මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි ඒ භික්ෂු තෙමේ මට යම් සරණයක් දුන්නේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සරණාගමණයෙහි විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සරණගමනියත්ථෙරස්සාපදානං නවමං.
360. පිණ්ඩපාතික ථේරාපදානය
තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ උන්වහන්සේට පිණ්ඩපාත දානයක් දුනිමි.
මහත්වූ ගුණ ඝෝෂාවක් ඇති, තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ, මම (ආපසු) තුෂිත දෙව්ලොවට ගියෙමි.
මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩපාත දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිණ්ඩපාත දානයාගේ මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පිණ්ඩපාතිකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
සද්දසඤ්ඤක ද, යවසික ද, කිංසුක ද, කොරණ්ඩපුප්ඵිය ද, ආලම්බන ද, අම්බයාගු ද, සුපටී (සුපුටක) ද, මඤ්චදායක ද, සරණ ද, පිණ්ඩපාත ද (යන මේ දස දෙනෙකි). ගාථාවෝ සතළිසක් ද වෙත්.
සද්දසඤ්ඤකවග්ගො ඡත්තිංසතිමො.
37. මන්දාරව පුප්ඵිය වග්ග
361. මන්දාරව පුප්ඵිය ථේරාපදානය.
මඬගල නම් මානවකවූ මම තව්තිසා දෙව්ලොව සිට මෙහි පැමිණ, විපස්සී මහර්ෂීන් වහන්සේ උදෙසා මදාරා මල් ගත්තෙමි.
සමාධියෙන් වැඩහුන් උන්වහන්සේගේ මස්තකයෙහි දැරීමි. (ඒ මල් කූඩයක් මෙන්) සතියක් දරා සිට නැවත දෙව්ලොවට ගියෙමි.
මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්දාරව පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්දාරවපුප්ඵිය ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මන්දාරවපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.
362. කක්කාරු පුප්ඵිය ථේරාපදානය.
“(මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණි ශ්රීමත්වූ ගෞතමයන් වහන්සේ (දුටිමි.) (දැක) කැකිරි මල් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
මින් දෙයානූවන කපෙහි යම් බුද්ධ පූජාවක් (කැකිරි මල් පිදිමක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරු පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කක්කාරුපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.
363. භිසමුළාලදායක ථේරාපදානය
“සියළු ධර්මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්වඥවරයෙක් විය. සප්රාඥවූ, විවේකය කැමති උන්වහන්සේ මාගේ සමීපයට පැමිණි සේක.
“පස් මරුන් ජයගත්, මහා කාරුණීකවූ එම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා, මම නෙළුඹල සහ දඬු ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට දුනිමි.