353. කිංසුක පූජක ථේරාපදානය
පිපුණු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙන සිද්‍ධාත්‍ර්‍ඵ බුදුරජුන් සිහිපත්කොට (එම මල්) අහසෙහි (ගසේ තිබියදීම) (බුදුරජුන්හට) පිදීමි.
මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙලෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිංසුකපූජකත්ථෙරස්සාපදානං තතියං.
354. සකොටක කොරණ්ඩ දායක ථේරාපදානය
සිඛී බුදුරජුන්ගේ තබන ලද පියවර දැක මම අඳුන් දිවි සම එකස්කොට (එම) ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.
පිපුණු කටුකරඬු රුකක් දැක (එය) කිණිති සහිතව (කඩා) පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍ර ලක්‍ෂණය පිදීමි.
මම තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටක කොරණ්ඩ දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සකොසකකොරණ්ඩදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
355. දණ්ඩදායක ථේරාපදානය
එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බෙන දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මනා ව්‍රත ඇති සංඝයා මැද සැරයටියද දී උතුරු දිගට මුහුණලා ගියෙමි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් සැරයටි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සැරයටි දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දණ්ඩදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
356. අම්බයාගු ථේරාපදානය
සියල්ල තෙමේම අවබෝධ කරගත්, පස්මරුන් දිනූ සතරංසී නම් සර්‍වඥ තෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬු පිණිස එළඹි සේක.
එම පසේ බුදුන් දැක මම පිරිසිදු සිතින් යුත් උන්වහන්සේට පැහැදි සිතින්ම අඹ කැඳක් දුනිමි.
මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඹ කැඳ පිදීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගු තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අම්බයාගුදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
357. සුපුටක පූජක ථේරාපදානය
දිවා විහරණයෙන් නික්මුණු ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ මාගේ සමීපයට එළඹි සේක.
ඉක්බිති (එයින්) සතුටුවූ, සොම්නස්වූ මම, තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුගොටුවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
මින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණු ගොටු දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ලුණු) ගොටු දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුපුටකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.