351. සද්ද සඤ්ඤක ථේරාපදානය
මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. එහිදී දිව්ය සමූහයා විසින් පිරිවරනලද සම්බුදුරදුන් දිටිමි.
චතුස්සත්ය දේශනා කරන්නාවූ, මහාජනයා සසර සයුරින් ගොඩනගන්නාවූ, (උන්වහන්සේගේ) කොවුල් හඬට හුරු මිහිරි වචන ඇසීමි.
බ්රහ්ම ස්වරය ඇති, ලොක බන්ධූවූ සිඛී බුදුරජුන්ගේ හඬෙහි සිත පහදවා ආශ්රවක්ෂයට (රහත් බවට) පැමිණියේ වෙමි.
මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්ධ ස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං පඨමං.
352. යවකලාපිය ථේරාපදානය
එකල්හි (මම) අරුණවතී නගරයෙහි යව කෙත් රකින්නෙක් වීමි. මගදී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩහිඳීම සඳහා) යව (කරල්) මිටියක් (බිම) ඇතිරීමි.
අනුකම්පාව ඇති, කාරුණීකවූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන එම (යව) ඇතිරියෙහි වැඩහුන් සේක.
එසේ වැඩහුන්නාවූ, නිර්මලවූ, මහා ධ්යාන ඇති, අසහාය නායකවූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කළුරිය කෙළෙමි.
මින් සත් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. යව ඇතිරි දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යවකලාපියත්ථෙරස්සාපදානං දුතියං.
353. කිංසුක පූජක ථේරාපදානය
පිපුණු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙන සිද්ධාත්ර්ඵ බුදුරජුන් සිහිපත්කොට (එම මල්) අහසෙහි (ගසේ තිබියදීම) (බුදුරජුන්හට) පිදීමි.
මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙලෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිංසුකපූජකත්ථෙරස්සාපදානං තතියං.
354. සකොටක කොරණ්ඩ දායක ථේරාපදානය
සිඛී බුදුරජුන්ගේ තබන ලද පියවර දැක මම අඳුන් දිවි සම එකස්කොට (එම) ශ්රේෂ්ඨ ශ්රීපාදය වැන්දෙමි.
පිපුණු කටුකරඬු රුකක් දැක (එය) කිණිති සහිතව (කඩා) පියවරෙහි (ශ්රීපාදයෙහි) චක්ර ලක්ෂණය පිදීමි.
මම තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්රීපාදය පිදීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටක කොරණ්ඩ දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සකොසකකොරණ්ඩදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
355. දණ්ඩදායක ථේරාපදානය
එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බෙන දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
එම චිත්ත ප්රසාදය කරණකොටගෙන මනා ව්රත ඇති සංඝයා මැද සැරයටියද දී උතුරු දිගට මුහුණලා ගියෙමි.