318. තිරංසිය ථේරාපදානය.
2806. “ශ්‍රේෂ්ඨ ජන්ම ඇති, කෙශර සිංහයෙකු වැනිවූද, පර්‍වතයෙහි (දිලිසෙන) ගිනිකඳක් වැනිවූද, සියලු දිගින් බැබුළුනාවූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දුටිමි.)
2807. “(එම බුදුරජුන්ගේ) බුද්‍ධාලෝකයද, සූර්‍ය්‍යාලෝකයද, චන්ද්‍රාලෝකයද දැක මට ප්‍රීතිය පහළවිය.
2808. “(මේ) ත්‍රිවිධ ආලෝකයන් දැක, අඳුන් දිවි සම එකස්කොට (හැඳ), ශ්‍රාවකෝත්තමවූ, ලෝකනායකවූ, බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
2809. ““ලෙව්හි ලොව තුළ පැතිරි අඳුරු දුරුකරන්නාවූ එළි පතුරුවන්නෝ තිදෙනෙක් වෙති. (එනම්) චන්ද්‍රයාද, සූර්‍ය්‍යයාද, ලෝකනායකවූ බුදුරජද යන මේ තිදෙනායි.
2810. “මා විසින් මෙසේ උපමා දක්වා මහා මුනිවූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශකොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.
2811. “මින් සිව් අනුවන කපෙහි යම් බුදුරජාණන් වහන්සේගේ ගුණ පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුගුණ පැසසීමෙහි මේ විපාකයයි.
2812. “මින් එක් සැටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “ඤාණධර” නම් සක්විති රජෙක් වීමි.
2813. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිරංසියත්ථෙරස්සාපදානං අට්ඨමං.
319. කන්දලිපුප්ඵිය ථේරාපදානය.
2814. “එකල්හි මම සින්ධු නදී තීරයෙහි අනුන්ගේ මෙහෙ කිරීමෙහි යෙදුනු ගොවියෙක් වීමි. අනුන්ගෙන් ලැබෙන වැටුපක් නොදක්නේ (සිටියෙමි).
2815. “සින්ධු ගං ඉවුරු දිගේ ගමන් කරන්නාවූ මම පිපුනු නෙළුම් මලක් මෙන් සමාධියෙන් යුතුව හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
2816. “මම එලක්හි කඳල මල් සතක් නටුවෙන් කඩා අදිත්‍ය බන්ධු (සූර්‍ය්‍ය වංශයෙහි) වූ බුදුරජුන්ගේ සිරසෙහි (උඩට) දැමීමි.
2817. “සුදුසු තන්හි හෙවත් සුදුසු අරමුණෙහි එකඟවූ සිත් ඇති ස්වර්‍ණ වර්‍ණවූ ත්‍රිමදගලින හස්ති රාජයෙකු වැනිවූ (ගුණයෙන් කිසිවෙකු විසින්) ලංවිය නොහැක්කාවූ,
2818. “ප්‍රඥාවත්වූ වඩන ලද ඉඳුරන් ඇති ඒ බුදුරජුන් වෙත එළඹ මම ශාස්තෘන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි.
2819. “මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි විපාකයයි.
2820. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාන්දලී පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කන්දලිපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.
320. කුමුදමාලිය ථේරාපදානය.
2821. “ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ, වීරවූ, මහර්ෂීවූ, පස් මරුන් දිනූ, ශ්‍රේෂ්ඨ ජන්ම ඇති, කෙශර සිංහයෙකු වැනිවූ විපස්සී මහා වීරයන් වහන්සේව (දුටිමි).
2822. “ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, මහමගට පිළිපන් (ඒ බුදුරජුන් දැක) කුමුදු මල් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
2823. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි විපාකයයි.
2824. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදුමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුමුදමාලියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ආරක්ඛදායක ද, භොජනදායක ද, ගතසඤ්ඤක ද, සත්තපදුමිය ද, පුප්ඵාසනිය ද, ආසනත්ථවික ද, සද්දසඤ්ඤක ද, තිරංසිය ද, කන්දලික ද, කුමුදමාලිය ද යන මොහුයි. (මෙහි) පනස් සත් ගාථාවෝ වෙත්.
ආරක්ඛදායකවග්ගො බත්තිංසතිමො.