320. කුමුදමාලිය ථේරාපදානය.
2821. “ශ්රේෂ්ඨවූ, උතුම්වූ, වීරවූ, මහර්ෂීවූ, පස් මරුන් දිනූ, ශ්රේෂ්ඨ ජන්ම ඇති, කෙශර සිංහයෙකු වැනිවූ විපස්සී මහා වීරයන් වහන්සේව (දුටිමි).
2822. “ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, මහමගට පිළිපන් (ඒ බුදුරජුන් දැක) කුමුදු මල් ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
2823. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි විපාකයයි.
2824. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදුමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුමුදමාලියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ආරක්ඛදායක ද, භොජනදායක ද, ගතසඤ්ඤක ද, සත්තපදුමිය ද, පුප්ඵාසනිය ද, ආසනත්ථවික ද, සද්දසඤ්ඤක ද, තිරංසිය ද, කන්දලික ද, කුමුදමාලිය ද යන මොහුයි. (මෙහි) පනස් සත් ගාථාවෝ වෙත්.
ආරක්ඛදායකවග්ගො බත්තිංසතිමො.