22. උපවාන ථේරාපදානය
“සියළු පරතෙරට ගියාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබලා පිරිණිවන් පෑ සේක.
“මහජනයා එක්රැස්ව, තථාගතයන් වහන්සේ පුදා, මැනවින් සැයක් කොට සර්වඥ දේහය එයට නැගූහ.
“එහි ශරීරය පිළිබඳ ආදාහණ කෘත්යය කොට, ධාතු ගෙනාවාහුය. ඒ සියලු දිව්ය මනුෂ්යයෝ (එම ධාතු නිදන්කොට) බුද්ධස්ථූපයක් කළාහුය.
“(එම ස්ථූපයෙහි) පළමු නිම් වළල්ල රන්මුවාය. දෙවැන්න මිණිමුවාය. තෙවැන්න රිදීමුවාය. සිව්වැන්න පළිඟුමුවාය.
“එසේම, පස්වෙනි නිම් වළල්ල පියුම් රාමිණිමුවායි. සවැන්න මැසිරිගල්මුවායි. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්වරන්තමයය.
“ජඝනය (යට කොටස) මිණිමුවාය. වේදිකාව රුවන්මුවාය. (මෙසේ) සෑය ස්වර්ණමයයි. යොදුනක් උසට පැන නැංගේය.
“එකල්හි එහි දෙවියෝ රැස්ව එකතුව මන්ත්රණය කළාහුය. (කෙසේදයත්?) තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරමු.
“(ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ) ධාතු වෙන් වෙන්ව නැත. මුළු සිරුරම එකට කැටිව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහිම වැසීමට සැට්ටයක් (වැස්මක්) කරන්නෙමුය කියායි.
“දෙවියෝ (එම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහුය. (ඉක්බිති) එම සෑය දෙයොදුනක් උසය. (එහි ආලෝකයෙන්) අඳුරද දුරුකෙරෙයි.
“එකල්හි නාගයෝ එහි රැස්ව එකතුව මන්ත්රණය කළාහුය. (කෙසේදයත්?) ඒ මනුෂ්යයෝද, දෙවියෝද බුදුරජාණන් වහන්සේට සෑය කළාහුය.
“අපිදු පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවෙති. තාදී ගුණ ඇති ලෝක නාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමුය” කියායි.
“ඉඳුනිල්ද, මහනිල්ද, යලි ජොති රස නම් මැණික්ද එක්කොට බුදුරජාණන් වහන්සේගේ සෑය වැසූහ.
“එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණ ලද එලිය කරන්නාවූ තුන් යොදුන් උස බුද්ධස්ථූපයක් විය.
“එකල්හි ගුරුළෝද එහි රැස්ව මන්ත්රණය කළාහුය. (කෙසේදයත්?) ඒ මනුෂ්යයෝද, දෙවියෝද, නාගයෝද බුද්ධස්ථූපයක් කළාහුය.
“අපිදු පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝ පමා නොවූවෝ වෙති. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමු.
“ගුරුළෝ ස්ථූපයෙහි සර්වමණිමය පිට සැට්ටයක් (වැස්මක්) කළාහුය. ඔවුහුද බුද්ධස්ථූපයෙහි උස යොදුනකින් වැඩි කළාහුය.
“සිව් යොදුන් උස (මෙම) බුද්ධස්තූඵය බබළයි. උඩට නැගුණු සූර්ය්යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
“එකල්හි කුම්භාණ්ඩයෝද එහි රැස්ව එකතුව මන්ත්රණය කළාහුය. (කෙසේදයත්?) “මනුෂ්යයෝද, දෙවියෝද, නාගයෝද, එසේම ගුරුළෝද,”
“වෙන වෙනම බුද්ධ ශ්රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය. අපි පමාවූවෝ නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමානොවූවෝ වෙති.”
“තාදී ගුණ ඇති බුද්ධශ්රේෂඨයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමු. බුද්ධස්ථූපය මතුයෙහි අපිදු රත්නයන්ගෙන් වසන්නෙමුය කියායි.
“ඔවුහුද බුද්ධස්ථූපය යළි යොදුනක් (උස) වැඩි කළාහුය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.