28. සුවණ්ණබිම්බොහන වග්ග
271. සුවණ්ණබිම්බොහනිය ථේරාපදානය
“උත්තමාර්ත්ථයවූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දුනිමි. බිම්බොහන (මෙට්ට) යක්ද දුනිමි.
“මින් එක් අනූවන කපෙහි යම් බිම්බොහන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකයයි.
“මින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණ බිම්බොහනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සුවණ්ණබිබ්බොහනියත්ථෙරස්සාපදානං පඨමං.
272. තිලමුට්ඨිදායක ථේරාපදානය
ලෝක නායකවූ ශාස්තෘ තෙමේ මාගේ අදහස් දැන මනෝමයවූ කයින් හෙවත් චිත්ත ගතියට හැරවූ සිරුරින් යුතුව ඎද්ධියෙන් (මා වෙත) එළඹි සේක.
“මම එසේ එළඹියාවූ පුරුෂෝත්තමවූ ශාස්තෲන් වහන්සේට වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, තල මිටක් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිල දානයක් (තල දනක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තල මිටක් දීමෙහි මේ විපාකයයි.
“මින් සොළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති නන්දිය නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තිලමුට්ඨිදායකත්ථෙරස්සාපදානං දුතියං.
273. චඞ්ගොටකිය ථේරාපදානය
“සිද්ධාර්ත්ථ (බුදුරජතෙම) මහ සයුර ඇසුරුකොට ඇති කඳු අතරක වැඩ වෙසේ. මම (මල්) ගොටුවක් සාදාගෙන උන්වහන්සේට පෙර ගමන්කොට එය පිළිගැන්වීමි.
“මම සියලු සත්ත්වයනට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන්හට මල් ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවීමි.
“මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවලින් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
චඞ්කොටකියත්ථෙරස්සාපදානං තතියං.
274. අබ්භඤ්ජනදායක ථේරාපදානය
“වීත රාගීවූ, තාදී ගුණ ඇති, ආකාශය සමවූ (මෙත්) සිත ඇති, ප්රමාද විහරණ (කෙළෙස් ගතිවලින් යුතුව නොසැළකිලිමත්ව විසීමක්) නැති, ධ්යාන කරන්නාවූ කොණ්ඩඤ්ඤ භාග්යවතුන් වහන්සේට,
සියලු මුළාවීම ඉක්මවූ, සකල ලෝක හිතෛශීභාවයෙන් යුත්, ද්වීපදෝත්තමවූ ශාස්තෲන් වහන්සේට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
“මින් අසංඛ්ය කල්පයකට පෙර වූ එකල්හි යම් ආලේපන තෛලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකයයි.
“මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
අබ්භඤ්ජනදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
275. එකඤ්ජලිය ථේරාපදානය
“දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නාවූ මහර්ෂී ශ්රමණයන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
“ලෝකනාථවූ, තාදී ගුණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
“මින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකයයි.