265. බිලාලිදායක ථේරාපදානය
18. “හිමවතට නුදුරෙහි “රොමස” නම් පර්වතයෙක් විය. එම පර්වත පාදයෙහි පර්වතය කෙළවර කරණ ලද ඉඳුරන් ඇති භික්ෂුවක් විය.
19. “මම බිළාලි නම්වූ අල ගෙනගොස් එම ශ්රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේම දත් මහා වීරවූ පස්මරුන් දිනූ එම බුදුරජතෙම අනුමෝදනාව කළ සේක. (කෙසේද යත්)
20. “තා විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලදද (ඒ හේතුයෙන්) භවයෙහි උපදනා කල්හි තොපටද ඵල නිපදේවා” කියායි.
21. “මම මින් සිව් අනූවන කපෙහි යම් බිළාලි දනක් දෙන ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බිළාලි දානයාගේ මේ විපාකයයි.
22. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
බිළාලිදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
266. මච්ඡදායක ථේරාපදානය
23. “මම එකල්හි චන්ද්රභාග නදී තීරයෙහි කබරුස්සෙක් (පක්ෂි විශේෂයක්) වීමි. මම මත්ස්යයෙකු ගෙන සිද්ධාර්ත්ථ බුදුරජුන්ට දුනිමි.
24. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මත්ස්ය දානයක් දෙන ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මත්ස්ය දානයාගේ මේ විපාකයයි.
25. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මච්ඡදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
මච්ඡදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
267. ජවහංසක ථේරාපදානය
26. “එකල්හි මම චන්ද්රභාග නදී තීරයෙහි වැද්දෙක් වීමි. අහස් මගෙහි වඩින්නාවූ සිදුහත් බුදුරජුන් දිටීමි.
27. “මම මහාමුනිවූ එම බුදුරජුන් බලමින්, ඇඳිලි බැඳ, සිය සිත පහදවා ලෝකනායකවූ උන්වහන්සේට වැන්දෙමි.
28. “මින් සිව් අනූවන කපෙහි යම් බුදුවරයෙකු වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්දනාවෙහි මේ විපාකයයි.
29. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ජවහංසකත්ථෙරස්සාපදානං සත්තමං.
268. සලලපුප්ඵිය ථේරාපදානය
30. “මම එකල්හි චන්ද්රභාඝා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මි ජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දුටුවෙමි.
31. “මම පහන් සිතැත්තේ, සොම්නස්වූයේ, මහත්වූ ප්රීතියෙන් සලල මල් ගෙන (එම) විපස්සී බුදුරජුන්හට විසිරවීමි (පිදීමි.)
32. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙලෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
33. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සළලපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.