260. අග්ගජ පුප්ඵිය ථේරාපදානය.
2535. “පර්වතාන්තරයෙහි වැඩහුන්නාවූ, ස්වර්ණවර්ණවූ රශ්මිය කරණකොටගෙන ගිනි කඳක් මෙන් බබළන කිඛී බුදුරජුන් (දුටිමි.)
2536. “මම අග්ගජ නම්වු මල් ගෙන බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (එය) බුදුරජුන්හට පිදීමි.
2537. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2538. “පස්විසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
2539. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අග්ගජ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අග්ගපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ථොමක, එකාසනදායක, චිතකපූජක, තිචම්පක, සත්තපාටලී, උපාහනදායක, මඤ්ජරීපූජක, පණ්ණදායක, කුටිදායක, අග්ගජපුප්ඵිය ද යන මොවුහු වෙති. මෙහි ගණන් කරන ලද ගාථාවෝ හතළිස් එකක්ම වෙත්.
ථොමකවග්ගො ඡබ්බීසතිමො.
27. පදුමුක්ඛෙප වග්ග
261. ආකාසුක්ඛිපිය ථේරාපදානය
1. “ඇතුළු වීථියෙහි වඩින්නාවූ, ස්වර්ණ වර්ණවූ, නරශ්රේෂ්ඨවූ සිද්ධාර්ත්ථ බුදුරජුන් (දිටිමි.) (දැක) ජලයෙහි හටගන්නාවූ පියුම් උපුල් වැනි උතුම් මල් දෙකක් ගෙන උන්වහන්සේ වෙත එළඹියෙමි.
2. “ඉන් එක මලක් ගෙන බුදුරජුන්ගේ ශ්රීපාදයට බිම දැමීමි. එකක් අහසට උඩ දැමීමි.
3. “මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයයි.
4. “මින් දෙතිස්වන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
5. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ආකාසුක්ඛිපියත්ථෙරස්සාපදානං පඨමං.
262. තෙලමක්ඛිය ථේරාපදානය
6. “නරශ්රේෂ්ඨවූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
7. “මින් සිව් අනූවන කපෙහි යම් තෙල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තෙල් පූජාවේ මේ විපාකයයි.
8. “මින් සූවිසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුච්ඡවී නම් වූ ක්ෂත්රිය සක්විති රජෙක් වීමි.
9. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තෙලමක්ඛියත්ථෙරස්සාපදානං දුතියං.
263. අඩ්භචන්දිය ථේරාපදානය
10. “තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මවිසින් අර්ධ චන්ද්රාකාරයෙන් නොයෙක් වර්ගයෙන් මල් පුදන ලදී.
11. “මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.