205. නිග්ගුණ්ඩිපුප්ඵිය ථේරාපදානය
2290. “(මම) විපස්සී බුදුරජාණන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. (ඒ මම) නිකමල් ගෙන බුදුරජාණන් වහන්සේට පිදීමි.
2291. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2292. “මින් පන්තිස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ මහාප්රතාප නම් සක්විති රජෙක් වීමි.
2293. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
206. උදකදායක ථේරාපදානය
2294. “මම පැහැදුණු ඉඳුරන් ඇති, කෙළෙස් කැළඹිලි නැති, වළඳන්නාවූ ශ්රමණයන් වහන්සේ කෙනෙක් දැක එම සිද්ධාර්ත්ථ බුදුරජුන්හට කලයෙන් දිය ගෙනවුත් දුනිමි.
2295. “මම අද පහවූ සැක ඇති පිරිසිදුවූ නිර්මල කෙනෙක් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදිනා කල්හි යහපත් විපාක ඇතිවේ.
2296. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ජල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උදක දානයාගේ මේ විපාකයයි.
2297. “මින් සැටවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “විමල” නම් සක්විති රජෙක් වීමි.
2298. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
207. සලලමාලිය ථේරාපදානය
2299. “පර්වතයන් අතුරෙන් කිණිහිරි රුකක් මෙන් බබළමින් හුන් සියළු දිගුන් හෙලිකරන්නාවූ සිද්ධාර්ත්ථ බුදුරජුන් දුටිමි.
2300. “එකල්හි මම දුන්න නිසැකකොට හීය යොදා (විද) නටු සහිත මලක් කඩා බුදුරජුන්හට පිදීමි.
2301. “මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2302. “මින් එක් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ජුතින්ධර නම් සක්විති රජෙක් වීමි.
2303. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සලලමාලියත්ථෙරස්සාපදානං සත්තමං.
208. කොරණ්ඩපුප්ඵිය ථේරාපදානය
2304. “සක් ලකුණින් බබළණ තබන ලද ශ්රීපාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නේ
2305. “පිපුණු කොරණ්ඩ වෘක්ෂයක් දැක මුල සිටම ඇති ඒ සියළු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටුවූයේ සතුටු සිතින්ම උතුම් පා වැන්දෙමි.
2306. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකයයි.
2307. “සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “වීතමල” නම් එක් සක්විති රජෙක් වීමි.
2308. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොරණ්ඩපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.