199. කිඞ්කණිපුප්ඵිය ථේරාපදානය
2260. සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, අපරාජිතවූ සුමඞ්ගල බුදුරජතෙම විහාරයෙන් නික්ම නුවරට පිවිසි සේක.
2261. කරණ ලද සියළු බුදුකිස ඇති ඒ සර්වඥ මුනි තෙමේ පිඬු පිණිස හැසිර, නුවරින් නික්ම වනය අතුරෙහි විසූහ.
2262. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, කිංකිණි පුෂ්පයන් ගෙන සියල්ල තෙමේම දතුවාවූ, මහර්ෂීවූ බුදුරජුන්හට පිදීමි.
2263. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2264. මින් සයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති “අපිලාපිස” නම් සක්විති රජෙක් වීමි.
2265. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිංකණිකපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.
200. යූථිකාපුප්ඵිය ථේරාපදානය
2266. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, මරුන් ජයගත්, පසැස් ඇති පදුමුත්තර බුදුරජතෙම වනයෙන් නික්ම විහාරයට වඩින සේක.
2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත් සිත් ඇති, තාදී ගුණ යුත් බුදුරජුන්හට පිදීමි.
2268. එම චිත්තප්රසාදයෙන් සම්පත් අනුභවකොට මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක් නොදනිමි.
2269. මින් පණස්වෙනි කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ සවිත්තනන්දන නම් එක් සක්විති රජෙක් වීමි.
2270. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යූථිකපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
තමාලී ද, තිණසන්ථාර ද, ඛණ්ඩඵුල්ලී ද, අසොක ද, අඞ්කොලක ද, කිසලය ද, තින්දුක ද, නෙලපුප්ඵිය ද, කිඞ්කණික සහ යූථික ද වෙති. ගාථා පනස් අටකි
තමාලපුප්ඵියවග්ගො වීසතිමො.
ඉක්බිති වර්ග උද්දානය:
භික්ඛාදායී ද, පරිවාර ද, සෙරෙය්ය ද, සොභිත ද, ඡත්ත ද, බන්ධුජීව ද, සුපාරිචරිය ද, කුමුද ද, කුටජ ද, දසවැන්න වූ තමාලී ද වෙති. ගාථා සසිය හැට හයකි
භික්ඛාවග්ගදසකං.
වීතිය ශතකය සමාප්තයි.
21. කණිකාරපුප්ඵිය වග්ග
201. කණිකාරපුප්ඵිය ථේරාපදානය
2271. “මම එකල්හි පිපුණු කිණිහිරි රුකක් දැක, චතුරෝයන් තරණය කළාවූ, තාදී ගුණ ඇති තිස්ස බුදුරජාණන් වහන්සේට (එම මල් නෙලා) දුනිමි.
2272. “මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2273. “මින් පන්තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “අරුණපාණී” යයි ප්රකටවූ සක්විති රජෙක් වීමි.
2274. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කණිකාරපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.
202. මිනෙලපුප්ඵිය ථේරාපදානය
2275. “හිරු මෙන් ප්රතාපවත්වූ, ස්වර්ණ වර්ණවූ භාග්යවත්වූ, මෙත් සිත් ඇති සිඛී බුදුරජතෙම සක්මණට නැගුනේමය.
2276. “පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ශ්රේෂ්ඨ ඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
2277. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.