193. ඛණ්ඩඵුල්ලිය ථේරාපදානය
2225. මහවනයෙහි ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ සතූපයක් විය. එකල්හි ඇතුන් විසින් බඳින ලද එහි වැඩීගිය ගස් ඇත්තේද විය.
2226. තිලෝගුරු එම බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් සතුටුවූ මම විසම තැන් සමකොට සුණු පිඩු දුනිමි. (සුණු පිරියම් කෙළෙමි.)
2227. මින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පිළිසකර කමක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. සුණු පිඩු දීමෙහි මේ විපාකයයි.
2228. සත් සැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති “ජිනසෙන” නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
2229. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඛණ්ඩඵුල්ලියත්ථෙරස්ස අපදානං තතියං.
194. අසොකපූජක ථේරාපදානය
2230. එකල්හි රම්යවූ තීවරා පුරයෙහි රාජොද්යානයක් විය. මම එහි රජුගේ සහචරවූ උයන්පල්ලෙක් වීමි.
2231. සියල්ල තෙමේම අවබෝධ කළාවූ පදුම නම් බුදුරජෙක් විය. පියුම සෙවනැල්ල නොහැර සිටියාවූ ඒ මුනීන්ද්රයන් වහන්සේ දුටිමි.
2232. පිපුණු දැකුම්කලු අසෝක ගසක් දැක (ඉන්) මල් පොකුරක් පදුමුත්තර නම්වූ ඒ බුදුරජාණන් වහන්සේට පිදීමි.
2233. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2234. මින් සිව් සැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2235. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසොකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අසොකපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
195. අඞ්කොලක ථේරාපදානය
2236. පිපුනාවූ රුකඟුන ගසක් දැක (එහි) උතුම් මල් කොෂ සහිතවම නෙලාගෙන එම මල් ගෙන (සිද්ධාර්ත්ථ) බුදුරජුන් සමීපයට ගියෙමි.
2237. එසමයෙහි මහාමුනිවූ සිද්ධාර්ත්ථ බුදුරජතෙම විවේක සුවයෙන් හුන් සේක. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා (එම) මල් ගුහාවෙහි විසිරවීමි.
2238. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2239. මින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් වීමි.
2240. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඞ්කොලකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
196. කිසලයපූජක ථේරාපදානය
2241. වාරවතී නගරයෙහි මාගේ පුෂ්පොද්යානයෙක් විය. එහිම ගස්වල වැඩීමට ජලය සපයන ලිඳක් වේ.
2242. බුද්ධ බලය තහවුරු බවට පත්, පස් මරුන් දිනූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජතෙම මට අනුකම්පා කරනුයේ අහස් මගෙහි වඩිනා කල්හි
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නොදකිමි. මම හෝපළු (දළු) දැක (එය ගෙන) අහසෙහි දැමීමි.
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නාවූ බුදුරජුන් පසුපසින් යෙත්. මම එම විෂ්මය දැක බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චර්ය්යයි (සිතීමි.)
2245. මින් සිව් අනූවන කපෙහි (යම්) හෝපළු පිදීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2246. මින් සත් විසිවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “එකස්සර” නම් එක් සක්විති රජෙක් වීමි.
2247. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිසලයපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.