176. මග්ග දත්තික ථේරාපදානය
2129. “විපදෝත්තමවූ, නරශ්රේෂ්ඨවූ, අනොමදස්සී භාග්යවත් තෙමේ මෙම අත්බැව්හිම සිරුර සුවය ලබනු පිණිස එළිමහනෙහි සක්මන් කළ සේක.
2130. “(සක්මන් කිරීම සඳහා එම බුදුරජතෙම) පා එසවූ කල්හි (පියුම් උපුල් ආදී මල්) (විසිරී) උන්වහන්සේගේ හිසේ මුදුනෙහි බබළමින් සිටියි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැඳ මම මල් ටිකක් විසුරුවා ලීමි.
2131. “මින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහත් බල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
2132. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ග දත්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මග්ගදත්තිකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
177. එකදීපිය ථේරාපදානය
2133. “පදුමුත්තර බුදුරජුන්ගේ සළල බෝරුකෙහි පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ මම එක් පහනක් පත්තු කළෙමි.
2134. “භවයෙහි උපදනා කල්හි නිපදවූ පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නොදනිමි. ප්රදීප දානයාගේ මේ විපාකයයි.
2135. “මින් සොළොස්වන කපෙහි චන්ද්රභ නම් මහත් බල ඇති සිව් සක්විති රජකෙනෙක් වූහ.
2136. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකදීපියත්ථෙරස්සාපදානං සත්තමං.
නවමං භාණවාරං.
178. මණි පූජක ථේරාපදානය
2137. “හිමවත මෑත පෙදෙසෙහි (එක්) නදියෙක් (ගලාබසිමින්) පැවතුනේය. එකල්හි එම ගංඉවුර සමීපයෙහි (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේ වැඩ වසන සේක.
2138. “මැනවින් විසිතුරු කරණ ලද මනරම්වූ මිණි පළඟක් ගෙන පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ බුදුරජුන්හට පිදීමි.
2139. “මින් සිව් අනුවන කපෙහි යම් මිණි පළඟක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙක මේ විපාකයයි.
2140. “මින් දොළොස්වන කපෙහි මහත් බල ඇති සතරංසි නම්වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
2141. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණි පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මණිපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.
179. තිකිච්ඡක ථේරාපදානය
2142. “මම බන්ධුවතී නගරයෙහි රෝගීවූ දුඃඛිත මහජනයාට සුව ගෙන දෙන්නාවූ (වෛද්ය ශාස්ත්රයෙහි) මැනවින් හික්මුණු වෛද්යවරයෙක් වීමි.
2143. “එකල්හි සිත්වත්වූ මහත් බල ඇති රෝගීවූ ශ්රමණයන් වහන්සේ නමක් දැක පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ බෙහෙතක් දුනිමි.
2144. “විපස්සී බුදුරජාණන්ගේ උපස්ථායකවූ අසොක නම්වූ සන්හුන් ඉඳුරන් ඇති ඒ ශ්රමණයන් වහන්සේ එම බෙහෙතින්ම නීරෝගී විය.
2145. “මම මින් එක් අනූවන කපෙහි යම් ඖෂධයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෙහෙත් දනෙහි මේ විපාකයයි.
2146. “මින් එක් අට වෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්බොසධ නම්වූ සක්විති රජෙක් වීමි.
2147. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිච්ඡක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිකිච්ඡකත්ථෙරස්සාපදානං නවමං.
180. සංඝුපට්ඨාක ථේරාපදානය
2148. “වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම (අරමෙහි උවටැන් කරන්නෙක්) ආරාමිකයෙක් වීමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ උතුම් සංඝයාට උවටැන් කෙළෙමි.
2149. “මින් තිස් එක්වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (සඟනට) උවටැන් කිරීමේ මේ විපාකයයි.
2150. “මින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සම්බොදක නම් සක්විති රජෙක් වීමි.
2151. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සංඝුපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සඞ්ඝුපට්ඨාකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
කුමුද ද, නිස්සෙණි ද, රත්තික ද, උදපානද ද, සීහාසන ද, මග්ගදද ද, එකදීප ද, මණිප්පද ද, තිකිච්ඡක ද, උපට්ඨාක ද යන මේ දස දෙනාගේ ගාථාවෝ එකුන්පනසකි.
කුමුදවග්ගො අට්ඨාරසමො.