172. නිස්සෙනිදායක ථේරාපදානය
2112. “ලොවට දෙටුවූ තාදී ගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්යවතුන් වහන්සේට ප්රාසාදයට නැගීම සඳහා මා විසින් හිණිමගත් කරණ ලදී.
2113. “එම චිත්තප්රසාදය කරණකොටගෙන සම්යක් ආනුභාව ඇති සම්බුදු සසුනෙහි අන්තිම සිරුර දරමි.
2114. “එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
2115. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙනිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිස්සෙණිදායකත්ථෙරස්සාපදානං දුතියං.
173. රත්තිපුප්පිය ථේරාපදානය
2116. “මම පෙර මහ වෙනෙහි (හැසිරෙන) මුව වැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවිවූ නරශ්රේෂ්ඨවූ විපස්සී බුදුරජුන් දිටිමි.
2117. “පිපුණු රත්තික ගසක්ද, කෙලින්ද ගසක්ද දැක (එම මල්) නටු සහිතවම (කඩා) ගෙන බුදුරජුන්හට පිදීමි.
2118. “මින් එක් අනුවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2119. “මින් අටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුප්පසන්න නම් සක්විති රජෙක් වීමි.
2120. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රත්තිපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.
174. උදපානදායක ථේරාපදානය
2121. “මා විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතයද දී (මෙම ලිඳද) පිදීමි.
2122. “මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (කූප දාන නම්වූ) කර්මයක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකයයි.
2123. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදපානදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
175. සීහාසනදායක ථේරාපදානය
2124. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සිහසුනක් (බෝ රුකට) දුනිමි.
2125. “මේ ලොව සුව එලවන බොහෝ ගඳින් මලින් එහි පූජා පවත්වා බොහෝ ජනයා කෙළෙස් ගින්නෙන් නිවෙයි.
2126. “මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
2127. “පසළොස්දහස්වන කපෙහි සිළුච්චය නම්වූ ඒ අට සක්විති රජ කෙනෙක් වූහ.
2128. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සීහාසනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.