149. වටංසකිය ථේරාපදානය
1983. “සියල්ල තෙමේම දත්තාවූ පස්මරුන් දිනූ නම්න් සුමේධ නම්වූ (සර්වඥ තෙම) විවේක සුව වඩනුයේ මහ වනයට පිවිසි සේක.
1984. “පිපුනු සල්ල ගසක් දැක හිස් පළඳින මාලාවක් සේ ගොතා ලෝක නායකයන් වහන්සේ ඉදිරියෙහි (එම) බුදුරජාණන් වහන්සේටම පිදීමි.
1985. “තිස් දහසක් වන කපෙහි යම් මලක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1986. “එක් දහස් නවසියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම්වූ සොලොස් සක්විති රජෙක් වූහ.
1987. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වටංසකියත්ථෙරස්සාපදානං නවමං.
150. පල්ලඞ්කදායක ථේරාපදානය
1988. “ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, තාදී ගුණ ඇති සුමේධ භාග්යවතුන් වහන්සේට උඩුවියන් (තේන්දය) සහිත ඇතිරිළි සහිත පළහක් (පුටුවක්) මා විසින් දෙන ලදී.
1989. “එකල්හි එය සත්රුවනින් යුත් පළඟක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්ය්යංක) උපදියි.
1990. “තිස් දහස්වන කපෙහි වූ එකල්හි (යම්) පළඟක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1991. “විස් දහස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවණ්ණ නාභ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
1992. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පල්ලඞ්කදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පල්ලඞ්කදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
ඡත්ත ද, ථම්භ ද, වෙදි ද, පරිවාර ද, උම්මපුප්ඵිය ද, අනුලෙප ද, මග්ගදායී ද, ඵලකදායී ද, වටංසක ද, පල්ලඞ්කදායී ද යනු (මේ වගෙහි) ගාථා පනස් හයක් කීර්තනය කරන ලදහ.
ඡත්තවග්ගො පන්නරසමො.
16. බන්ධු ජීවක වග්ග
151. බන්ධු ජීවක ථේරාපදානය
“(උපක්ලේශ විරහිත) චන්ද්රයා මෙන් නිර්මලවූ (කෙළෙස් කිළිටි නොමැති බැවින්) පිරිසිදුවූ, පැහැදුනාවූ, (කෙළෙස් මළ වලින්) නොකැළඹුනාවූ, (නන්දිභව නම්වූ) තෘෂ්ණාව හා භවය (පල විශේෂයෙන් හාත්පසින්ම) ක්ෂය කරණ ලද්දාවූ, ත්රිවිධ ලෝකයෙහි ඇල්ම නැතිකළ,
ජන සමූහයා කෙළෙස් ගිනි නිවන්නාවූ සසර සයුරින් එතෙරවූ, එසේ එතෙරවූවන් අතුරෙන් උතුම්වූ, වනයෙහි ධ්යාන කරන්නාවූ, ඒ එකලාවූ, සන්සුන්වූ (සිඛී බුදුරජුන් දුටිමි.)
“මම බඳුවද මල් නූලක එල්වා සිඛී බුදුරජාණන් වහන්සේට පිදීමි.
“මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් සත්වන කපෙහි මනුජෙන්ද්රවූ, වැඩි දියුණුවූ යසස ඇති, මහා බලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්ධු ජීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බන්ධුජීවකත්ථෙරස්ස අපදානං පඨමං.