146. අනුලෙපදායක ථේරාපදානය.
1966. “මම අනොමදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩලවූ) වේදිකාවක් කරවීමි. (එසේම) මම සුණු පිඬුදී පිළිසකරද කෙළෙමි.
1967. “ශාස්තෘවූ අනොමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනවින් කරණ ලද එම කර්‍මය දැක භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
1968. “මෙම සුණුකම කරණකොටගෙනද, චිත්තප්‍රණිධිය කරණකොටගෙනද සම්පත් අනුභවකොට දුක් කෙළවර කරන්නේය කියායි.
1969. “පහන්වූ මුහුණු පැහැ ඇත්තේ වීමි. එකඟවූයේ, සන්සුන්වූයේ, සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
1970. “මින් නොඅඩුව කප් සියයක් සම්පුර්‍ණවූ කල්හි මහත් බල ඇති සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.
1971. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අනුලෙපදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
147. මග්ගදායක ථේරාපදානය
1972. “පසැස් අති බුදුරජ තෙම ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති එම සිද්‍ධාර්ත්‍ථ නම් සම්බුදු රජුන් දිටිමි.
1973. “උදැල්ල හා කූඩයද ගෙත ඒ මග සමකොට ශාස්තෲන් වහන්සේ වැඳ, සිත පැහැදවීමි.
1974. “මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මාර්‍ග ඥානයාගේ මේ විපාකයයි.
1975. “සත් පණස්වන කපෙහි ජනාධිපතිවූ නම්න් සුප්පබුද්‍ධ නම්වූ නරශ්‍රේෂ්ඨ එක් සක්විති රජෙක් වීමි.
1976. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මග්ගදායකත්ථෙරස්සාපදානං සත්තමං.
148. ඵලකදායක ථේරාපදානය.
1977. “පෙර වඩු කමෙහි මැනවින් හික්මුණු රිය සදන්නෙකු වීමි. (මම) සඳුන් ලෑලිකොට, ලෝකබන්‍ධුවූ බුදුරජාණන් වහන්සේට දුනිමි.
1978. “රනින් නිමවන ලද මේ විමන බබළයි. හස්තියානද, අශ්වයානද, දිව්‍යමයයානද එළඹ සිටියේ වෙයි.
1979. “ප්‍රාසාදයෝද සිවිකාවෝ (දෝලාවෝ) යන යමක් කැමැති වේ නම් (ඒවා) උපදිත්. මාගේ රුවන් නිශ්චලය (නැති නොවේ.) (සඳුන්) පවුරු දීමෙහි මේ විපාකයයි.
1980. “මම මින් එක් අනූවන කපෙහි යම් පුවරු දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුවරු දනෙහි මේ විපාකයයි.
1981. “සත්පණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
1982. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඵලකදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
149. වටංසකිය ථේරාපදානය
1983. “සියල්ල තෙමේම දත්තාවූ පස්මරුන් දිනූ නම්න් සුමේධ නම්වූ (සර්‍වඥ තෙම) විවේක සුව වඩනුයේ මහ වනයට පිවිසි සේක.
1984. “පිපුනු සල්ල ගසක් දැක හිස් පළඳින මාලාවක් සේ ගොතා ලෝක නායකයන් වහන්සේ ඉදිරියෙහි (එම) බුදුරජාණන් වහන්සේටම පිදීමි.
1985. “තිස් දහසක් වන කපෙහි යම් මලක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1986. “එක් දහස් නවසියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම්වූ සොලොස් සක්විති රජෙක් වූහ.
1987. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වටංසකියත්ථෙරස්සාපදානං නවමං.
150. පල්ලඞ්කදායක ථේරාපදානය
1988. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, තාදී ගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් (තේන්දය) සහිත ඇතිරිළි සහිත පළහක් (පුටුවක්) මා විසින් දෙන ලදී.
1989. “එකල්හි එය සත්රුවනින් යුත් පළඟක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යංක) උපදියි.