123. පායාසදායක ථේරාපදානය.
1791. දෙතිස් මහ පුරිස් ලකුණින් යුත්, ස්වර්ණ වර්ණවූ, භික්ෂු සංඝයා පිරිවරා වනයෙන් නික්මුණාවූ සම්බුදුරජාණන් වහන්සේ (දුටිමි).
1792. මහ ලොහො තලියක කිරිබතක් බෙදාගෙන පූජා කරනු කැමැති මම එම පූජාව (බුදුරජුන් වෙත) එළඹවූවෙමි.
1793. ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ භාග්යවත් තෙමේ එකල්හි සුදු වතක් වැනිවූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
1794. විෂ්මය ජනකවූ, ලොමු දැහැගන්වන එම ආශ්චර්ය්යය දැක එම ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
1795. දෙවියන් සහිත ලෝකයෙහි ඔබ සර්වඥ දෙවි වෙහිය. මහාමුනිවූ බුදුරජාණන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගනු මැනව.
1796. ලෝකයෙහි ශාස්තෘවූ, මහාමුනිවූ, ලෝකනායකවූ භාග්යවත් සර්වඥතෙමේ මාගේ අදහස දැන (එය) පිළිගත් සේක.
1797. මින් එකානූවන කපෙහිවූ එකල්හි මම යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කිරිබත් දනෙහි මේ විපාකයයි.
1798. මින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති බුද්ධ නම් සක්විති රජෙක් විය.
1799. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පායාසදායකත්ථෙරස්ස අපදානං තතියං.
124. ගන්ධොදකිය ථේරාපදානය.
1800. පුෂ්ප ඵල පල්ලවයන්ගෙන් බබළන කුඹුක් ගසක් වැනි, මොහඳුරු දුරු කරන්නාවූ, පස් මරුන් දිනූ, විපස්සී බුදුරජාණන් වහන්සේ උතුම් පහයෙහි හිඳ දුටිමි.
1801. පහයට නුදුරෙහි බුදුරජාණන් වහන්සේ වැඩම වන කල්හි සූර්ය්යයාගේ (ප්රභාව) මෙන් උන්වහන්සේගේ ප්රභාව විහිදෙයි.
1802. සුවඳ පැන්ද ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම එම චිත්ත ප්රසාදයෙන් යුතුව කළුරිය කෙළෙමි.
1803. මින් එක් අනූවන කපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1804. මින් එක් තිස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුගන්ධ නම් සක්විති රජෙක් විය.
1805. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධොදකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධොදකියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
125. සම්මුඛාත්ථවික ථේරාපදානය.
1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළවන කල්හි (ඇතිවූ නිමිති බලා) මෙසේ පැවසීමි. (කෙසේද යත්) ජන සමූහයා (කෙළෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේය.
1807. යම් උතුමෙකු උපදින කල්හි දශ දහසක් ලෝදා කම්පාවේද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්යවත් තෙමේ දහම් දෙසයි.
1808. යම් උතුමෙකු උපදින කල්හි මහත් ආලෝකය වීද දැන් ශාස්තෘවූ පසැස් ඇති භාග්යවත් තෙමේ දහම් දෙසයි.