9. 2. 5. 2.
ධ්යාන සමාපත්ති සූත්රය
[සැවැත් නුවර නිදානයි]
94. “මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය. “කවර නවයක්ද යත්? ප්රථමධ්යානය, වීතීයධ්යානය, තෘතීයධ්යානය, චතුර්ත්ථධ්යානය, ආකානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, සඤ්ඤාවෙදයිතනිරෝධය යන මේ නවයයි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය.
9. 2. 5. 3-18.
[සැවැත් නුවර නිදානයි]
95-112. “මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිසද, පරික්ෂය (ගෙවීම) පිණිසද, ව්යය පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, චාගය (අත්හැරීම) පිණිසද, දුරුකිරීම පිණිසද, මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය. (රාගයාගේ පරිඥානය පිණිසද, ‘පරික්ෂය පිණිස’ ආදී වශයෙන් ඉහත සඳහන් වචන යොදා ඒ ඒ වචන අනුව සූත්ර සාදාගත යුතුයි.)
9. 2. 5. 19-340.
[සැවැත් නුවර නිදානයි]
113-432. දෝසයාගේද, මෝහයාගේද, ක්රෝධයාගේද, උපනාහ (බද්ධ වෛර)යාගේද, මක්ඛයාගේද, පලාසයා අනුන් දොස් සෙවීමේද, ඊෂ්යාවගේද, මාත්සර්ය්යගේද, මායාවගේද, සාඨෙය්යාගේද, සාරම්භයගේද, (එකට එක කිරීමේද) මානයාගේද, මදයාගේද, ප්රමාදයාගේද, අභිඥානය පිණිසද, පරිඥානය පිණිසද, පරික්ෂය පිණිසද, ප්රහාණය පිණිසද, ක්ෂයය පිණිසද, ව්යයය පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, චාගය පිණිසද, පටිනිස්සග්ගය පිණිසද, මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය” යි වදාළ සේක. “භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.”
රාගපෙය්යාලං නිට්ඨිතං.
නවක නිපාතය නිමි.