9. 2. 4. 10.
10. විනිබන්ධ ඉද්ධිපාද සූත්රය
[සැවැත් නුවර නිදානයි]
92. “මහණෙනි, මේ පසක් චිත්තයාගේ විනිබන්ධයෝය. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහනොවූ රාග ඇත්තේ වෙයි. පහ නොවූ ඡන්දය ඇත්තේ වෙයි. පහ නොවූ ප්රේම ඇත්තේ වෙයි. පහ නොවූ (කාම) පිපාස ඇත්තේ වේ. පහ නොවූ (කාම) පරිඩාහ ඇත්තේ වේ. පහ නොවු කාම තෘෂ්ණා ඇත්තේ වේ. මහණෙනි, මේ චිත්තය පිළිබඳ විනිබන්ධ පසය.
“මහණෙනි, මේ චිත්තය පිළිබඳ විනිබන්ධ පසේ ප්රහාණය පිණිස සතර ඎද්ධිපාදයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්ද සමාධි පධාන සංඛාරසමන්නාගත ඎද්ධිපාදය වඩාද, විරිය සමාධි පධාන සංඛාරසමන්නාගත ඎද්ධිපාදය වඩාද, චිත්ත සමාධි පධාන සංඛාරසමන්නාගත ඎද්ධිපාදය වඩාද, වීමංසා සමාධි පධාන සංඛාරසමන්නාගත ඎද්ධිපාදය වඩාද, මහණෙනි, මේ චිත්තය පිළිබඳ විනිබන්ධ පසේ ප්රහාණය පිණිස මේ සතර ඎද්ධිපාදයෝ වැඩිය යුත්තාහුය.”
ඉද්ධිපාද වර්ගය නිමි.
[දෙවන පණ්ණාසකය නිමාවිය]
[එහි උද්දානය:]
සතර සතිපට්ඨාන ද, සතර සම්මප්පධාන ද, සතර ඉද්ධිපාද ද පෙර පරිදි යෙදිය යුතු ය.
(10) 5. රාගපෙය්යාලං
9. 2. 5. 1.
නව සංඥා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
93. “මහණෙනි, රාගයාගේ අභිඥානය (විශේෂයෙන් දැනගැනීම) පිණිස ධර්ම නවයක් වැඩිය යුත්තාහ. “කවර නවයක්ද යත්? අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත (නොඇල්මේ) සංඥාවය, අනිත්ය සංඥාවය, අනිත්යයෙහි දුක්ඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්රහාණ සංඥාවය, විරාග සංඥාවය, යන මෙයයි. මහණෙනි, රාගයාගේ අභිඥානය (විශේෂයෙන් දැනගැනීම) පිණිස ධර්ම නවයක් වැඩිය යුත්තාහ.
9. 2. 5. 2.
ධ්යාන සමාපත්ති සූත්රය
[සැවැත් නුවර නිදානයි]
94. “මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය. “කවර නවයක්ද යත්? ප්රථමධ්යානය, වීතීයධ්යානය, තෘතීයධ්යානය, චතුර්ත්ථධ්යානය, ආකානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, සඤ්ඤාවෙදයිතනිරෝධය යන මේ නවයයි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය.
9. 2. 5. 3-18.
[සැවැත් නුවර නිදානයි]
95-112. “මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිසද, පරික්ෂය (ගෙවීම) පිණිසද, ව්යය පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, චාගය (අත්හැරීම) පිණිසද, දුරුකිරීම පිණිසද, මේ නව ධර්මයෝ වැඩිය යුත්තාහුය. (රාගයාගේ පරිඥානය පිණිසද, ‘පරික්ෂය පිණිස’ ආදී වශයෙන් ඉහත සඳහන් වචන යොදා ඒ ඒ වචන අනුව සූත්ර සාදාගත යුතුයි.)