9. 2. 1. 8.
අනුපුබ්බපස්සද්ධි සූත්‍රය
[කොසම්බි නිදානය]
59. “ඇවැත්නි, අනුපස්සද්‍ධිය, අනුපස්සද්‍ධියයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි අනුපස්සද්‍ධියයි කියනු ලැබේද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, චිතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්‍යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපස්සද්‍ධියයි වදාරණ ලද්දේය.”
9. 2. 1. 9.
නිරොධ සූත්‍රය
[කොසම්බි නිදානය]
60. “ඇවැත්නි, නිරෝධය, නිරෝධයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි නිරෝධයයි කියනු ලැබේද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, චිතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්‍යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් නිරෝධයයි වදාරණ ලද්දේය.”
9. 2. 1. 10.
අනුපුබ්බ නිරෝධ සූත්‍රය
[කොසම්බි නිදානය]
61. “ඇවැත්නි, අනුපුබ්බනිරෝධය, අනුපුබ්බනිරෝධයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි අනුපුබ්බනිරෝධයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, චිතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්‍යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අනුපුබ්බනිරෝධයයි වදාරණ ලද්දේය.”
9. 2. 1. 11.
නවපහාතබ්බ සූත්‍රය
[සාවත්ථි නිදානය]
62. “මහණෙනි, ධර්‍ම නවයක් හැර නොදමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට නුසුදුසුය. කවර නවයක්ද යත්?
රාගය, දෝසය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන්ගේ දොස් සෙවීම, ඊෂ්‍යාව, මසුරුකම යනුයි. මහණෙනි, ධර්‍ම නවයක් හැර නොදමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට නුසුදුසුය.
“මහණෙනි, ධර්‍ම නවයක් හැර දමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසුය. කවර නවයක්ද යත්?
රාගය, දෝසය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන්ගේ දොස් සෙවීම, ඊෂ්‍යාව, මසුරුකම යනුයි. මහණෙනි, ධර්‍ම නවයක් හැර දමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසුය.
ඛෙම වර්‍ගය නිමි.
එහි උද්දානය:
ඛෙම සූත්‍ර දෙකක් ද, අමත සූත්‍ර දෙකක් ද, අභය සූත්‍ර දෙකක් ද, පස්සද්ධි සූත්‍ර දෙකක් ද, නිරෝධ අනුපුබ්බනිරෝධ සහ භබ්බාභබ්බ සූත්‍රය දැයි එකොළසකි.