9. 1. 5. 10.
10. දිඨධම්මනිබ්බාණ සූත්රය
[නිදානය කොසඹෑ නුවරය]
51. “ඇවැත්නි, දිඨධම්ම නිබ්බාණය, දිඨධම්ම නිබ්බාණයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි දිඨධම්ම නිබ්බාණයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුර්ත්ථ ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්රඥාවෙන් දැක ආශ්රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් දිඨධම්ම නිබ්බාණයයි වදාරණ ලද්දේය.”
පඤ්චාල වර්ගය නිමි.
එහි උද්දානය:
සම්බාධ, කායසක්ඛි, පඤ්ඤා, උභතොභාග, සන්දිට්ඨික සූත්ර දෙක ද, නිබ්බාන, පරිනිබ්බාන, තදඞ්ග සහ දිට්ඨධම්මික සූත්රය දැයි (මෙහි සූත්ර දසයකි).
පඨමපණ්ණාසකං සමත්තං.
2. දෙවන පණ්ණාසකය
1. ඛෙම වර්ගය
9. 2. 1. 1.
ඛෙම සූත්රය
[කොසම්බි නිදානය]
52. “ඇවැත්නි, ක්ෂෙමය, ක්ෂෙමයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි ක්ෂෙමයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුර්ත්ථ ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්රඥාවෙන් දැක ආශ්රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමයයි වදාරණ ලද්දේය.”
9. 2. 1. 2.
ඛෙමප්පත්ත සූත්රය
[කොසම්බි නිදානය]
53. “ඇවැත්නි, ක්ෂෙමප්රාප්තය, ක්ෂෙමප්රාප්තයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි ක්ෂෙමප්රාප්තයයි කියනු ලැබේද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුර්ත්ථ ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්රඥාවෙන් දැක ආශ්රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් ක්ෂෙමප්රාප්තයයි වදාරණ ලද්දේය.”
9. 2. 1. 3.
අමත සූත්රය
[කොසම්බි නිදානය]
54. “ඇවැත්නි, අමෘතය, අමෘතයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි අමෘතයයි කියනු ලැබේද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුර්ත්ථ ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්රඥාවෙන් දැක ආශ්රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතයයි වදාරණ ලද්දේය.”
9. 2. 1. 4.
අමතප්පත්ත සූත්රය
[කොසම්බි නිදානය]
55. “ඇවැත්නි, අමෘතප්රාප්තය, අමෘතප්රාප්තයයි කියනු ලැබේ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි අමෘතප්රාප්තයයි කියනු ලැබේද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, චිතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුර්ත්ථ ධ්යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය. “ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්රඥාවෙන් දැක ආශ්රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් අමෘතප්රාප්තයයි වදාරණ ලද්දේය.”