8. 11. 4-510.
[සැවැත්නුවර නිදානයයි]
මහණෙනි, රාගය පිළිබඳ (තීන්දු කොට) දැනීම පිණිස, සම්පූර්ණයෙන් ගෙවා දැමීමට, නැති කිරීමට, පහ කිරීමට, වැය කිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරු කිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.
(සාමඤ්ඤ වර්ගයේ රාගය වෙනුවට මෙහි පහත දැක්වෙන ද්වේෂ යනාදිය යොදනු.) “ද්වේෂය, මෝහය, ක්රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, දොස් කීම, ඊර්ෂ්යාව, මසුරුකම, මායාව, සට බව, ආඩම්බරය, එකටෙක කිරීම, මානය, අතිමානය, මදය, පමාව, --- මනාව දැනීමට, තීන්දුකොට දැනීමට, සම්පූර්ණයෙන් ගෙවීමට, නැතිකිරීමට, පහකිරීමට, වැයකිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරුකිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.”
රාගපෙය්යාලං නිට්ඨිතං.
අටවන නිපාතය නිමි.